බංග්ලාදේශයට ලකුණු 9ක ජයක්

189

බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර සුපිරි 12 වටය යටතේ ඊයේ පැවති තරගයෙන් ලකුණු නමයක ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 144ක් ලබාගත් අතර පිළිතුරු ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි. නෙදර්ලන්ත කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 25කට බිඳ දැමූ බංග්ලාදේශ ආරම්භක වේග පන්දු යවන්නා තරගයේ වීරයා සම්මානය හිමිකර ගත් අතර නෙදර්ලන්තය වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ කොලින් ඇකර්මන් ලකුණු 62ක් ලබා ගත්තේය.

ලකුණු සාරාංශය- බංග්ලාදේශය 144/8 (20)

අෆිෆ් හුසේන් 38, ශැන්ටෝ 25, මොසැදීක් හුසේන් 20

නෙදර්ලන්තය 135/10(20)

කොලින් ඇකර්මන් 62, පෝල් වෑන් 24

advertistmentadvertistment
advertistmentadvertistment