ජෝශප් බාලකයෝ සහ විශාඛා බාලිකාවෝ පිහිනුම් තටාකයේ රජවෙති

157

ශ්‍රී ලංකා පාසල් කිමිදුම් සහ පිහිනුම් තරගාවලිය පසුගියදා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ දී නිමාවට පත්වූ අතර සමස්ත ශූරතාවය (පිරිමි) මරදාන ශාන්ත ජෝසප් විදුහලට සහ සමස්ත බාලිකා ශූරතාවය කොළඹ විශාඛා විද්‍යාලයට හිමි විය.

තරගාවලියේ මිශ්‍ර කණ්ඩායම් ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල දිනා ගත්තේය. පිරිමි ශූරතාවයට හිමිකම් කියූ ශාන්ත ජෝශප් විද්‍යාලය ලකුණු 570 ක් ලබා ගත් අතර කාන්තා ශූරතාවය දිනූ විශාඛා විද්‍යාලය ලකුණු 423ක් ලබා ගත්තේය. ජ්‍යෙෂ්ඨ අංශයේ බාලක සහ බාලිකා ශූරතාවයන්ද ශාන්ත ජෝශප් සහ විශාඛා විදුහල දිනා ගත් අතර කනිෂ්ඨ අංශයේ බාලක සහ බාලිකා ශූරතාවයන්ද එම විද්‍යාල දෙකටම හිමි විය.

ජෝශප් බාලකයෝ සහ විශාඛා බාලිකාවෝ පිහිනුම් තටාකයේ රජවෙති

ඡායාරූප නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment