රැජිනි කාන්ත් ‘ජේලර්’ තහංචියත් බිඳියි

270

දකුණු ඉන්දීය සිනමාවේ අසහාය නළු රැජිනි කාන්ත් රඟන ජේලර් (Jailer) සිනමාපටය ආදායම් වාර්තා තබමින් ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබේ. මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි පන්සිය පනහකට අධික ආදායමක් ලබමින් එය ප්‍රදර්ශනය වෙමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

ඉන්දීය ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන රෝයල් චැලේන්ජ් බැංගලෝර් (RCB කණ්ඩායමේ ජර්සියක් චිත්‍රපටයේ අඩංගු කර තිබීම නිසා අධිකරණයේ නඩුවක් පවරා එහි තීන්දුව ප්‍රකාශ කිරීමත් සමඟ සිනමා පටය මහත් ආන්දෝලනයක්ද ඇති කර තිබේ.

අදාළ චිත්‍රපටයේ අඩංගු ක්‍රිකට් කණ්ඩායමේ ජර්සිය ඩිජිටල් තාක්ෂණය මගින් ඉවත් කිරීමට චිත්‍රපට නිෂ්පාදකයින් අධිකරණයට පොරොන්දුවී ඇත.

නෙල්සන් දිලිප් කුමාර් විසින් තිර රචනය කර අධ්‍යක්‍ෂණ කළ මෙම චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ දමමින් ප්‍රදර්ශනය වන අතර මෙය ඉන්දීය සිනමාවේ පෙරළිකාර චිත්‍රපටයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment