සිනමාශාලාවලින් බැහැරව ‘ඈ’ ප්‍රදර්ශනය කෙරේ  

416

රටවල් 42 කට නැරඹිය හැකියි

එරංග සේනාරත්නගේ “ඈ” සිනමාපටය අගෝස්තු 12 දා සිට සිනමා සිලෝන් www.cinemaceylon.com ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය. සිනමාශාලා ප්‍රදර්ශනය නමැති සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ප්‍රදර්ශනය වන මෙම ක්‍රමවේදය ඔස්සේ රටවල් 42 ක සිටින ප්‍රේක්ෂකයන්ට “ඈ” සිනමාපටය අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ අවකාශ උදාවන්නේය.

සිනමාශාලාවලින් බැහැරව ‘ඈ’ ප්‍රදර්ශනය කෙරේ  

එරංග අන්තර්ජාලය වේදිකාවක් කරගෙන “ඈ” සිනමාපටය ප්‍රේක්ෂකයන් හමුවට මෙසේ ගෙනයන්නේ නිර්මාණකරුවන් ගණනාවකගේ සිනමා නිර්මාණ රාශියක් සිනමාශාලාවන්හි ප්‍රදර්ශනය කරගැනීමට නොහැකිව මැසිවිලි නගමින් පෝලීමේ තිබියදීය. තවදුරටත් සිංහල සිනමා ප්‍රදර්ශනය සිනමාශාලා ප්‍රදර්ශනය නමැති ක්‍රමවේදයට පමණක් සීමා නොවිය යුතු බව අදහන එරංග සේනාරත්න මෙසේ ස්වකීය නව නිර්මාණය මුදාහැරීම අභිමුව මෙසේ කියන්නේය.

සිනමාශාලාවලින් බැහැරව ‘ඈ’ ප්‍රදර්ශනය කෙරේ  

“සිනමාව කියන්නේ විශාල කර්මාන්තයක් සහිත වෙළෙඳපොළක්. ඒ තුළ සිනමා ශාලාව කියන්නෙ මේ වෙනකොට යල් පැන ගිය එක ප්‍රදර්ශන ක්‍රමවේදයක් විතරයි. ඊට පරිබාහිර ක්‍රමවේද ගණනාවක් තුළ සිනමාව දැන් පවතිනවා. මේ ෆ්ලැට්ෆෝම් සිනමා ප්‍රදර්ශනය කියන්නෙ ඒ අතරින් ඉතාම දියුණු මට්ටමක තියන එකක්. ඇත්තෙන්ම අපේ රටේ අපි සිනමාව ගැන කතා කළාට කඩන් වැටිච්ච කර්මාන්තයක් මේ තියෙන්නෙ. අපේ රටේ සිනමාව කඩා වැටෙන්නෙ කොරෝනා එන්නත් වසර ගණනාවකට කලින්. දැන් ෂොපින් මෝල්ස්වල කුඩා සිනමාශාලා කිහිපයක් හදල තියෙනවා. ඒවයේ මූලික අරමුණ සිංහල සිනමාව නෙමෙයි. විදේශීය සිනමාව අරමුණු කරගෙන ඒවා හදල තියෙන්නෙ. මේ තත්ත්වය එක්ක සිංහල සිනමා නිර්මාණකරුවන්ට පැහැදිලි අනාගතයක් නැතිවෙලා තියෙනවා. මේ නිසා තමයි මම “ඈ” සිනමාපටය මෙවැනි ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රදර්ශනය කරන්නෙ.”

කෙසේ වෙතත් ෆ්ලැට්ෆෝම් සිනමා ප්‍රදර්ශනයේදී නිර්මාණ අවභාවිතා වීමේ ඉඩකඩ විවර වීමක් නේදැයි අප ඇසූ ප්‍රශ්නය හමුවේ එරංගගේ පිළිතුර වූයේ “අවභාවිතා වීමේ යම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ තුළ චිත්‍රපටියක් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කළ හැකි වන්නේ නැ. ස්ක්‍රීන් වෙන වෙලාවක කොපි කරන්න පුළුවන් කියන අවදානම පමණයි තියෙන්නෙ. හැබැයි ඒක නම් සිනමා ශාලාව ඇතුළෙදීත් සිදුවුණ අවස්ථා තියෙනවා. හැබැයි එහෙම ගන්න එකක කොලිටි එක අඩුයි. අනික මේ ෆ්ලැටිෆෝම් එකේදි යම් චිත්‍රපටියක් කෙනෙකුට සිනමාශාලාවකදි වගේම 5.5 සවුන්ඩ් සිස්ටම් එකෙන්ම මෙහිදී නරඹන්න පුළුවන්. ඇත්තටම අභියෝග ගණනාවක් තිබුණා. ඒවට බයේ හිටියොත් අපිට ඉස්සරහට යන්න ලැබෙන්නෙ නෑ” යන්නය.

සිනමාශාලාවලින් බැහැරව ‘ඈ’ ප්‍රදර්ශනය කෙරේ  

එරංග පවසන්නේ ෆ්ලැට්ෆෝම් ප්‍රදර්ශනයෙන් බැහැරව කිසිදිනක “ඈ” සිනමාපටය මෙරට සිනමා ශාලාවක ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු නොවන බවය. එහෙත් ඔස්ටේ්‍රලියාවේ සිනමා ශාලා කිහිපයකදි “ඈ” චිත්‍රපටිය ප්‍රද්ර්ශනය කිරීමට සැලසුම් කර තිබෙන බව ඔහු කීවේය. කඳුකරයේ සිට පැමිණි තරුණ යුවතියක අගනුවර හුදකලාව ජීවත්වෙන විවාහක ධනවත් මහලු කාන්තාවක් රැක බලා ගන්නා විට ඔවුන් අතරේ සිදුවන මානසික

ගනුදෙනු ද එම තරුණ යුවතියට එහිදි මුණගැසෙන උගත් ටැක්සි රථ රියදුරෙකු සමග ගොඩනැගෙන ප්‍රේම සම්බන්ධතාව ද පාදක කරගනිමින් “ඈ” සිනමාපට නිර්මාණය වී ඇත. උමේෂි වික්‍රමසිංහ, යෂ් වීරසිංහ, දර්ශන් ධර්මරාජ්, මානෙල් වානගුරු රංගනයෙන් දායක වන “ඈ” චිත්‍රපටයට ආරාධිත රංගනයෙන් දිල්හානි අශෝකමාලා එක්ව ඇත. මෙම සිනමාපටයේ තිර කතාව සහ එහි ගීත ද්විත්වය රචනා කර තිබෙන්නේ දිලිනි රෝෂාන්ති සේනාරත්න වන එරංග සේනාරත්නගේ බිරිඳ විසින් ය.

  • තිස්ස
සිනමාශාලාවලින් බැහැරව ‘ඈ’ ප්‍රදර්ශනය කෙරේ  

advertistmentadvertistment
advertistmentadvertistment