අතුරුදන්ව සිටි අටලුගම දැරියගේ මළ සිරුර හමුවෙයි

927

අතුරුදන්ව සිටි බණ්ඩාරගම අටලුගම 09 හැවිරිදි පාතිමා අයේෂා දැරියගේ මළ සිරුර අද පෙරවරුවේ ඇය පදිංචි නිවස අසල වගුරු බිමක තිබී හමුවිය. ඊයේ පෙරවරු 10 ට පමණ දැරිය අවසන් වරට ගොස් ඇත්තේ නිවස අසල පිහිටි කඩයකටය. එසේ ගොස් ඇත්තේ කුකුල් මස් මිලදී ගැනීමටය. එසේ ගිය ඇය යළි නිවසට පැමිණ නොතිබුණි. ඒ අනුව ඇයගේ දෙමාපියන් බණ්ඩාරගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ අනුව නිවසට මීටර් 200ක් පමණ දුරින් පිහිටි මෙම වගුරු බිමේ ඇයගේ මළ සිරුර මඩවලින් වසා දමා තිබී හමුවිය.නිවසට මීටර් 150ක් පමණ දුරදී ඇයට කිසියම් අනතුරක් සිදුව ඇති බව පොලිසිය සැක කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment