ජී.එස්.පී සහනය තවත් වසර හතරක්

114

ශ්‍රී ලංකාවට ලබාදෙන ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය 2027 දෙසැම්බර් (31දා) දක්වා තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇත.

එම තීරුබදු සහනය මේ වසරේ (2023) දෙසැම්බර් 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබිණි.

නව ජී.එස්.පී ප්ලස් ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකාව වැනි රටවලට දැනට පවතින ප්‍රමුඛතා තීරුබදු සහන ප්‍රවේශය මේ නිසා අහිමි නොවන බව ද යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය සඳහන් කරයි.

මේ අතර ගිය වසරේ (2022) දී ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගමයට යුරෝ බිලියන 3.2ක් වටිනා අපනයන සිදුකර ඇති බවද යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment