ජනපතිගේ අද උත්තර නැත්නම් වෛද්‍ය වෘත්තිය සටන් – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

169

රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු ඇති කිරීමට ගෙන ඇති තීරණය හකුළා ගැනීමට සහ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑමට ඇති දුෂ්කරතා විසඳා දීමට අද (21 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන සාකච්ඡාවේදී සාධනීය විසඳුම් නොලැබෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව කළ වෘත්තීය අරගල සහ ඒ පිළිබඳව රජයට නිරතුරුව කළ දැනුම් දීම් අනුව අද (21 දා) මෙලෙස සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කැඳවීමක් ලැබී ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment