මන්දපෝෂණය ගැන මං කිව්වහම රස්සාවෙනුත් දොට්ට දැම්මා – දැන් ඇමැතිම කියනවා – වෛද්‍ය චමල් සංජීව

1427

රටේ මන්දපෝෂණ තත්ත්වයේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවෙමින් පවතින බවට පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී තමා කළ හෙළිදරව්ව පිළිබඳව පසු විපරම් නොකර රැකියාවද අහිමි කරමින් තමන්ව ගිලටීනයට යවා අද රටේ ජනගහනයෙන් මිලිනයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය ඇමැතිවරයාම පාර්ලිමේන්තුවේදී පිළිගැනීම දැඩි සංවේගයට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා දිවයිනට ඊයේ (20 දා) ප්‍රකාශ කළේය.

මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව තමා කළ හෙළිදරව්ව බොරු බව කීමට රජයට එදා දත්ත වාර්තා නොතිබූ බවත් එය පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින්ද තහවුරු කර තිබූ බවත් පැවසූ විශේෂඥ වෛද්‍යවරයා යුනිසෙෆ් සංවිධානය විසින්ද තහවුරු කර තිබූ එම පුවත එදා සෞඛ්‍ය ලේකම්වරයා විසින් පිළිනොගැනීම හේතුවෙන් සිදුවූයේ තමන්ට රැකියාව අහිමිවීම බවත් කීවේය. අද පාර්ලිමේන්තුවේදී තමා එදා කළ හෙළිදරව්ව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින්ම පිළිගැනීම දෛවෝපගත සිදුවීමක් බවද වැඩිදුරටත් ඔහු සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment