හේග් අධිකරණයට යැවූ පොලිසියේ නම් එළියට

1269

මෙරට පොලිස් ඉතිහාසයේ මුල්වරට පොලිස්පතිවරු ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරු 15 දෙනෙකුට යුද අපරාධ චෝදනා එල්ල කරමින් කොටි ඩයස්පෝරාව නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

පිටු 51කින් සමන්විත මෙම පැමිණිල්ලේ එම පොලිස් නිලධාරීන්ගේ නම් සඳහන් කර තිබේ.

ත‍්‍රස්ත මර්දන ඒකකය, රහස් පොලිසිය හා විශේෂ කාර්ය බළකායේ හිටපු ප‍්‍රධානීන්ටද එම යුද අපරාධ චෝදනා නගා තිබේ.

ලොව කිසිදු රටක පොලිස් සේවාවක් වෙත මෙවැනි පැමිණිල්ලක් යොමුවී නැත.

ග්ලෝබල් රයිට්ස් නමැති නෙදර්ලන්ත රාජ්‍ය නොවන සංවිධානය ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්ෂ කරිම් නැන් නවුෆට් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

ජාත්‍යන්තර අධිකරණය වෙත ගොනු කර ඇති පැමිණිල්ලේ නම් සඳහන් කර ඇති නිලධාරීන් මෙසේය.

කමල් ගුණරත්න, ජගත් ජයසූරිය,ඒ.සී. ආනන්දරාජා, චන්ද්‍රා ප‍්‍රනාන්දු, වික්ටර් පෙරේරා, ඉන්ද්‍රා සිල්වා, ජයන්ත වික‍්‍රමරත්න, නලින් ඉලංගකෝන්, පූජිත් ජයසුන්දර, සී. ඞී. වික‍්‍රමරත්න, නිමල් ලෙව්කේ, නිමල් වාකිස්ට, කේ. එච්. සරත්චන්ද්‍ර, එම්. සී. රණවක, කේ. ඒ. ආර්. පෙරේරා, සිසිර මෙන්ඩිස්, එම්. ආර්. ලතීෆ්

මෙම පැමිණිල්ල සඳහා සාක්ෂි දීමට හිටපු කොටි 200ක් ඉදිරිපත්කර ඇත.

එහි දන්වා ඇත්තේ චෝදනා එල්ලවී ඇති පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මෙම පැමිණිල්ල බි‍්‍රතාන්‍ය මෙට්රෝ පොලිටන් පොලිසිය වෙත ද යොමුකර තිබේ.

මෙරට ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුවී ඇති ශ‍්‍රී ලංකාවේ පොලිස් ප‍්‍රධානියාට සර්වලෝක අධිකරණ නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ද ශ්ලෝබල් රයිට්ස් සංවිධානය ඉල්ලා ඇත.

ඒ අනුව යුරෝපයේ ඕනෑම රටකදී එම පිරිස අත්අඩංගුවට ගත හැකිය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment