කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට වෙල්ගමත් අත්සන් තබයි

102

බාල ඖෂධ සහ උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්ෂේත්‍රය දුර්වල කිරීම සහ එමගින් මරණ සිදුවීම යන කරුණු හේතු කර ගෙන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ඊයේ (20දා) ආරම්භ කරනු ලැබූ අතර එය ලබන සතියේදී කථානායක වෙත භාර දීමට නියමිතව ඇත.

මේ සඳහා ප්‍රථමයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පෙරවරුවේ අත්සන් තබන ලද අතර පසුව සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, හේෂා විතානගේ, ඉම්රාන් මහරුෆ්, චන්දිම වීරක්කොඩි ඇතුළු මන්ත්‍රීවරුන් විසි දෙනකුට අධික පිරිසක් අත්සන් තබා තිබිණි.

මේ අතර සමගි ජනබලවේගයෙන් වෙන්ව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අස්සන් තැබීමට පියවර ගෙන තිබිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment