ඒ.ටී.එම්. යන්ත‍්‍රය කැඞීමට ගිය හොරාගෙන් පොලිසියට බෝනස්

415

 දිනසේන රතුගමගේ
 
 යාපනයේ කරවෙඞ්ඩි ප‍්‍රදේශයේ පුද්ගලයකු රාජ්‍ය බැංකුවක ඒ. ටී. එම්. යන්ත‍්‍රයක් කැඞීම සඳහා උත්සාහ කරමින් සිටියදී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී යාපනයේ හොරකම් රැුසකට ඔහු සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
 
 ඒ අනුව මේ පුද්ගලයා යාපනයේ කරවෙඞ්ඩි ප‍්‍රදේශයේ ඖෂධ අලෙවි සැලක් කඩා මුදලින් රුපියල් 20,000 ක් සමග ඖෂධ තොගයක්ද යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන් හා කාර්ය මණ්ඩලය සතු රුපියල් ලක්ෂ ගණනක භාණ්ඩද තවත් නිවෙස් දෙකකින් මුදල් හා ස්වරණාභරණ කිහිපයක්ද සොරා ගෙන ඇති බව යාපනය නෙල්ලිඅඩි පොලිසිය පැවසීය.
 
 පොලිසිය සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඔහු සොරා ගත් මුදල්වලින් කොටසක් හා භාණ්ඩ කිහිපයක් තිබී සොයාගෙන ඇත.
 
 යාපනය නෙල්ලිඅඩි පොලිසිය සැකකරුව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment