වසර 55ක අතීතයකට අප්සරා සංගීත කණ්ඩායමට උපහාර

51

1968 වසරේ මැද බාගයේ තිස්සමහාරාමයේ වැලිපොතේවෙලින් ඉපැරණි දේශීය භාණ්ඩ පමණක් උපයෝගී කරගනිමින් දස දෙනෙකුගෙන් පමණ ආරම්භ කළ “අප්සරා” නම් වූ සංගීත කණ්ඩායම එකළ මාගම්පුර නුවර අමන්දානන්දයට පත් කළ සංගීත කණ්ඩායමකි. එහි නිර්මාතෘවරුන් වන ගාර්ඩින් විජේසේකර ඇතුළු කලාකරුවෝ හරි අඩක්ම මිය ගොසිනි.

ජීවත්ව සිටින අය වසර 75 ඉක්මවූ අබල දුබල අය වන අතර ඔවුහු තවමත් තම හැකියාවන් පෙරසේ විදහා දක්වති. “අප්සරා” සංගීත කණ්ඩායම මේ වන විට මෙහෙයවනු ලබන්නේ 3 වන පරම්පරාවේ ශිල්පීන් විසිනි. “අප්සරා” සංගීත කණ්ඩායමේ මිය ගිය ශිල්පීන් අනුස්මරණය කිරීම වෙනුවෙන් හා ජීවත්ව සිටින අය උපහාරයට ලක් කිරීම සඳහා ඉකුත් දින වැලිපොතේවෙල ප්‍රජාශාලා රංග ශාලාවේදී අභිමානවත් උත්සවයක් පැවැත්වින. එදින රාත්‍රී 8.00 සිට පැවති “අප්සරා” සංගීත රාත්‍රියේ වාදක මණ්ඩලයට අසෝක ප්‍රියන්ත, සිරිල් මුණසිංහ, ප්‍රභාත්, චතුරංග, රුවන් පතිරණ, එස්. ජයවීර, එස්.බී. කන්කානම්ගේ සහ සුගත් පුංචිහේවා යන ශිල්පීන් පිරිස අයත්වූහ.

වසර 55ක අතීතයකට අප්සරා සංගීත කණ්ඩායමට උපහාර

“අප්සරා” සංගීත කණ්ඩායමේ මේ වන විට ගායන ශිල්පීන් අතරින් ජීවත්ව සිටින එච්.කේ. සිරිපාල සහ බී.කේ. ගුණසේන යන ශිල්පීන්ද දෙදෙනාද ගීත ගායනා කළහ. ප්‍රවීණ නිවේදක සුජිත් වීරකෝන්ගෙන් ප්‍රසංග වේදිකාව වර්ණවත් කෙරින.
ඇඹිලිපිටියේ – සේන වී. ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment