ප්‍රතිත්‍රස්ත පනත මැති සබයට ගේනදා උ/නැ හර්තාල් අරඹන්නැයි ටීඑන්ඒ දන්වයි

148

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ලබන 25 වැනිදා (අඟහරුවාදා) උතුර – නැගෙනහිර පළාත්වල පූර්ණ හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට දෙමළ ජාතික සංධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දී තිබේ.

දෙමළ දේශපාලන කණ්ඩායම් සඳහන් කරන උතුර – නැගෙනහිර ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුව, ආගමික ස්ථාන පිළිබඳ ගැටලුව සහ පුරාවිiා ස්ථාන යැයි පවසා දෙමළ ජාතිකයන්ගේ ඉඩම් කොල්ලකෑම ආදී බාහිර කරුණු කිහිපයක්ද මෙම හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට හේතුවී ඇත.

වත්මන් රජයට එරෙහිව නැගීසිටින දකුණේ කණ්ඩායම්වල සහායද ලබා ගනිමින් රජය දැඩිව අපහසුතාවට පත් කිරීම මෙම හර්තාල් ව්‍යාපාරයේදී මොවුන්ගේ යටි අරමුණ වී තිබෙන බව බුද්ධි අංශ වාර්තා අනාවරණය කරයි.

හර්තාලය පැවත්වෙන 25 වැනිදා උතුර නැගෙනහිර සියලුම කඩසාප්පු වසා දැමිය යුතු බවටත් වාහන

ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර රජයේ සේවකයන්ද හර්තාලයට සහාය දැක්විය යුතු බවටත් එහි සංවිධායකයන් දැනුම් දී ඇතැයි පැවසේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලබන 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එයට එරෙහිව පාර්ලිමේන්තුව තුළදීද දැඩි විරෝධයක් දැක්වීමට දෙමළ ජාතික සන්ධානය සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment