ඩයලොග්, ශ්‍රී ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් දිරියක් වූ යෙහෙළි වෙබ් අඩවිය යාවත්කාලීන කරයි

38

සමාජිය සහ ආර්ථික ගැටලු‍ හමුවේ මෙරට කාන්තාවන්ට අත්‍යවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම් සලසමින් ඔවුන්ට සවියක් වන මෙරට ප්‍රථම ත්‍රෛභාෂික වෙබ් අඩවිය වන යෙහෙළි, ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් යාවත්කාලීන කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අඛණ්ඩව සවි බල ගැන්වීමේ අරමුණ පෙරදැරිව, ඔවුන්ගේ ජීවිතවල බලාපොරොත්තුවේ කිරණක් බඳු Yeheli.lk,මෙලෙස නවමු වෙනසකින් යුතුව යාවත්කාලීන කෙරෙන බව ඩයලොග් පරිශීලකයින් වෙත සතුටින් දැනුම් දෙයි.

මෙරට කාන්තාවන් මුහුණ දෙන බරපතල සමාජ ගැටලු‍ හමුවේ, ඔවුන්ට අත්‍යවශ්‍ය මානසික සෞඛ්‍ය රැකවරණය සැලසීමේ අරමුණින් ඩයලොග් විසින් මෙම වෙබ් අඩවිය හඳුන්වා දෙනු ලැබිණි. කාන්තාවන් මුහුණ පාන, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, රැකියා ස්ථාන තුළ සිදුවන මානසික පීඩාවන් සේම, නායකත්ව භූමිකාවන්හි කාන්තා නියෝජනය අඩුවීම ආදිය වර්තමානයේ තීරණාත්මක සමාජීය ගැටලු‍ බවට පත්ව තිබේ. එවැනි ගැටලු‍ හමුවේ, මෙරට කාන්තාවන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි වෙබ් අවකාශයක අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙය දියත් කෙරිණි. විශේෂයෙන්ම, කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යය රැකවරණය සම්බන්ධයෙන් පවතින අවශ්‍යතාවද මෙමගින් සපුරාලීම අපේක්ෂාවයි. එවැනි සියලු‍ අවශ්‍යතා හමුවේ මෙරට කාන්තාවන්ට අවැසි අත්‍යවශ්‍ය සහය ලබාදීමට යෙහෙළි වෙබ් අඩවිය, කාන්තා පිහිට, Without Borders Sri Lanka, Doc 990 සමග මෙන්ම, ලක් වසම් ලේඛාධිකාරය විසින් අරමුදල් සපයන හිතවතී සේවාව සමගින් අත්වැල් බැඳ ගනිමින් අන්තර්-ක්‍රියාකාරී, නිර්නාමික උපදේශන සේවාවන් එමගින් සලසයි.

advertistmentadvertistment
advertistmentadvertistment