එදත් කොස්ගහ අදත් කොස්ගහ තමුසෙට ඕන නමක් දාගන්නවා

786

ඇක්මන් මාමා හොඳ විහිළු කාරයෙකි. ඒ විහිළු හරි රලූය. සිනා පොදක් කටේ නැතත් නිතරම බුලත් විටක් කටේ ඇත.

 ඇක්මන් පදිංචි ගාල්ල, මාගාල්ල ප‍්‍රදේශයේය.

 ගස් මුදලාලි කෙනෙක් ගස් මිලදී ගන්නට මාගාල්ලට ආවේ බ්‍රොකර් කෙනෙකුගේ ම`ග පෙන්වීම යටතේය.

 ‘‘මහත්තයා…. මේ කොස්ගහ විකුණන්නේ නැද්ද’’ගස් මුදලාලිත් බ්‍රෝකර්රුත් ඇක්මන් මාමාගේ නිවස පිහිටි වත්තේ ඇති යෝධ කොස්ගස දැක විමසුවේ එය යෝධ ගහක් වූ නිසාය. වසර විස්සක් තිහක් පරණ ඒ කොස්ගහ කියන ගාණකට මිලදී ගන්නත් පාඩු නැති බව මුදලාලිගේ ඉවට දැනිණි.

 ‘‘විකුණනවා’’ ඇක්මන් මාමා බුලත් කෙළ පහරක් මිදුලට ගසා උත්තර දුන්නේ ඇ`ගට පතට නොගෙනය.

 ගහ වටේ රවුමක් ගිය මුදලාලි අහස වසාලන කොස්ගස දෙස බලා කීවේ රුපියල් අසූවක් දෙන්නම් කියාය.

 ඇක්මන් නිහඬය.

 ‘‘හරි මහත්තයා, අසූපහක් දෙන්නම්’’ මුදලාලි කියා සිටියේ ඇක්මන්ගේ නිහඬ බව අවදි කරන්නටය. ඒත් ඇක්මන් නිහඬය. ටික වේලාවක් එහෙට මෙහෙට කැරකි කැරකී සිටි මුදලාලිත්, බ්‍රෝකර් උන්නැහෙත් යන්නට ගියේ ආපසු එන අරමුණිනි.

 දින සති බවට පෙරළී ගියේය.

 ඊයේ පෙරේදා දිනක මුදලාලි ආවේ රුපියල් ලක්‍ෂයක මුදලක්ද බෑගයක දමාගෙනය.

 ‘‘මහත්තයා, ගහට මොකක්ද කියන්නේ.’’

 තමුසෙ ඕන නමක් දාගන්නවා. මම ඔය ගහට එදත් කීවේ කොස්ගහ, අදත් කියන්නෙ කොස්ගහ, තමුසෙට ඕන නමක් දාගන්නවා.

 ඇක්මන්ගේ ඒ කතාව ඇසූ ගස් මුදලාලි හීන් සැරේ එතැනින් ලිස්සා ගියේ ඇක්මන්ගෙන් කොස්ගහ කුණු කොල්ලයට ගත නොහැකි බව වටහාගෙනය.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment