හිමිනමගේ මුදල් කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

207

කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් බියගන්වා රුපියල් දසදහසක මුදලක් කොල්ලකෑම සම්බන්ධව අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයකු ලබන ජුලි මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් සමන් දිමුතු කුමාර පරණ ලියනගේ මහතා නියම කරනු ලැබීය.

තවද මොහු මෙදින හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට ද පොලිසියට නියෝග කෙළේය.

කැලණිය, බියගම පාර, බණ්ඩාරනායක මවතේ පදිංචි තැනැත්තෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම විහාරාධිපති හිමිනම විහාරස්ථානයේ සවස නිදන කාමරයේ සැතපී සිටින අවස්ථාවේ මේ පුද්ගලයා නිදන කාමරයටම පැමිණ මුදල් ඉල්ලා කොල්ලකා ඇතැයි පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මොහු එහි නඩු මෙහෙයුම් අංශයේ සැරයන් අරුණ කුමාර (27909), පො. කො. කුලසිංහ (10789) හා රත්නායක (90073) යන නිලධාරීහු විසින් අධිකරණයට ඉදිරිපත් කළහ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment