හවුති කැරළිකරුවෝ පැහැරගත් නෞකාවේ වගකීම හමාස්ට

1641

හවුති කැරළිකරුවන් විසින් ඉකුත් නොවැම්බර් මාසයේදී රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී පැහැරගත් ‘ගැලැක්සි ලීඩර්’ භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනා නිදහස් කිරීමේ තීරණය ගැනීම හමාස් සංවිධානයට භාර දෙන බව එම කැරළිකරුවන් විසින් නිවේදනය කර තිබේ.

ඉකුත් නොවැම්බර් 19 වැනිදා රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ‘ගැලැක්සි ලීඩර්’ නෞකාව පැහැරගන්නා ලද්දේ හවුති කැරළිකරුවන්ට අයත් හෙලිකොප්ටර් යානයක් මගිනි. එම නෞකාවේ කාර්ය මණ්ඩලයට පිලිපීන ජාතිකයන් 17 දෙනකු, යුක්‍රේන ජාතිකයන් 03 දෙනකු, බල්ගේරියානු ජාතිකයන් දෙදෙනකු, මෙක්සිකෝ ජාතිකයන් දෙදෙනකු හා රුමේනියානු ජාතිකයෙක අයත් වේ. පිලිපීන රජය විසින් නිවේදනය කර ඇත්තේ ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා හා හමාස් සංවිධානය අතර ඇවිලී පවතින සටන් නිම වනතෙක් අදාළ නෞකාවේ කාර්ය මණ්ඩලය නිදහස් නොකෙරෙණු ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment