තුන්වැනි චාල්ස් රජු සිය නිල රාජකීය ලාංඡනය තෝරා ගනී

458

එංගලන්තයේ තුන්වැනි චාල්ස් රජුගේ නිල රාජකීය ලාංඡනය වශයෙන් ‘සී’ හා ‘ආර්’ යන අකුරු දෙක හා තුන සංකේතවත් කරන රෝම ඉලක්කම සහිත ලාංඡනයක් ඔහු විසින් තෝරාගෙන තිබේ.

මෙම නව රාජකීය ලාංඡනය ඊයේ (27දා) සිට එංගලන්තයේ සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු, රජයේ නිල ලියකියවිලි, මුද්දර හා තැපැල් පෙට්ටිවල නිල ලාංඡනය වශයෙන් යොදා ගැනීම ආරම්භ වන බව එංගලන්ත මාධ්‍ය පවසයි. රජු විසින් තෝරාගෙන ඇති නව ලාංඡනයේ ‘සී’ ‘ආර්’ යන අක්ෂර ඔහුගේ නම වන චාල්ස් හා රජුව ලතින් භාෂාවෙන් හඳුන්වන රෙක්ස් යන නම නියෝජනය කෙරෙන අතර එම අකුරු දෙකට මැදිව ඇති තුනේ ඉලක්කමට ඉහළින් ඔටුන්න මුද්‍රණය වී තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment