කාන්තා ගැටලුවලට විසඳුම් දෙනවා – රාජ්‍ය අමැතිනී ගීතා කුමාරසිංහ

111

වර්තමාන කාන්තාව මුහුණ දෙන අභියෝග හඳුනාගෙන ඊට ප්‍රායෝගික වැඩපිළිවෙළක් හරහා විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

එම පණිවුඩය මෙසේය.

සමස්ත සමාජයේ පැවැත්ම උදෙසා සුවශේෂී කාර්යභාරයක් ඉටුකර ඇති කාන්තාව සැමරීම වාර්ෂිකව ලෝකය පුරා සිදු කරනුයේ එහි ඇති වැදගත්කම සැලකිල්ලට ගෙනය. ඉතිහාසයේ අන්කවරදාකටවත් වඩා කාන්තාව වර්තමානයේ විවිධ ක්‍ෂේත්‍රවල නිපුණතාවයන් පෙන්වා ඇති අතර රටේ සංවර්ධන ක්‍රියාවලියේ දී ඇය විශාල දායකත්වයක් ලබා දී ඇත.

නමුත් ඇය රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් ලෙස දායක කරගෙන නොමැති බව රටේ සේවා නියුක්තිකයන්ගේ කාන්තා නියෝජන ප්‍රතිශතය පිරික්සීමේදී පෙනී යයි. මේ සඳහා බලපාන සංසකෘතිකමය ආකල්ප රාශියක් තිබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සාමානාත්මතාවය හා කාන්තා සවිබලගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය හා කාන්තාව, සාමය හා ආරක්‍ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරි සැලැස්ම ජනාධිපතිතුමන් වෙත පිළිගන්වමින් කාන්තාව සවිබලගැන්වීමේ වත්මන් ජනාධිපතිවරයාගේ දූරදර්ශි වැඩසටහන අනුව කාන්තාවගේ හා දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නීතිරීති අණපනත් රාශියක් පසුගිය දිනවල යාවත්කාලීන කිරීමට අප පියවර ගෙන ඇත.

ලාංකීය කාන්තාව, කාන්තාවක් වීම නිසා මුහුණ දුන් ගැටලු අවම කිරීම සඳහා නව රජයේ ප්‍රතිපත්ති රාමුව මත පිහිටා පැවරී ඇති වගකීම නොපැකිලිව ඉටු කරලීම මාගේ අපේක්‍ෂාවයි. එම වගකීම ඉටු කිරීම සඳහා මහපොළොවේ පය තබාගෙන සිටින කාන්තාවක් ලෙස වර්තමාන කාන්තාව මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඊට ප්‍රායෝගික වැඩසටහන් හා විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව මේ සුවිශේෂී දිනයේ මම ප්‍රකාශ කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment