ශත වර්ෂයකට පසු ෆ්ලොරිඩා ප්‍රාන්තයට දරුණු සුළි කුණාටුවක්

260

ශත වර්ෂයක පමණ කාලයකින් පසු ප්‍රථම වතාවට අද (28දා) දිනයේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදීමට යන මහත් ව්‍යසනකාරී දරුණුම කුණාටුව ලෙස සැළකෙන ‘ඉයන්’ නමැති සුළි කුණාටුව හේතුවෙන් මුළු මහත් ෆ්ලොරිඩා ප්‍රාන්තයටම බලධාරීන් විසින් විය හැකි හානිය පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

තදබල සුළං සමග පැමිණෙන මෙම ‘ඉයන්’ සුළි කුණාටුවෙන් මිනිස් ජීවිතවලට හානි සිදු විය හැකි බවත් එමගින් මුළු මහත් ෆ්ලොරිඩා ප්‍රාන්තයටම විශාල බලපෑම් ඇති විය හැකි බවට ප්‍රාන්තයේ ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් විසින් අනතුරු අඟවා තිබේ.

මෙම සුළි කුණාටුව හමා යන ගමන් මාර්ගය අවිනිශ්චිත වීම නිසා එහි බලපෑම දරුණු විය හැකි බව ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment