වදකාගාරයක සිරකර ගෙන සිටින කාන්තාවන 85 දෙනා ඩුබායි යැවූ දඹුල්ල ඒජන්සිකරු රිමාන්ඩ්

887

සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයට කාන්තාවන් 85 දෙනකු යැවූ දඹුල්ල ප්‍රදේශයේ ඒජන්සි ආයතනයේ හිමිකරු ලබන මස 03 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කරන ලදී.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම ඒජන්සි ආයතනයේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කර ඇත.

සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයට යැවූ කාන්තාවන් 85 දෙනෙකු ඩුබායි වදකාගාරයක සිර කරගෙන සිටින බවට සඳහන් කරමින් මාධ්‍යවල පළවූ පුවත සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් අදාළ ඒජන්සි ආයතනයේ හිමිකරු සහ මෙම තොරතුරු මාධ්‍යට ලබා දුන් ලලිතා පද්මණි නම් කාන්තාව දඹුල්ල පිහිටි කාර්යංශයේ පුහුණු මධ්‍යස්ථානයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී. පසුව මෙම ඒජන්සි ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment