ආප්ප – බිත්තර ආප්ප තුරන් වන දවස අතළඟ!

933

දිවයින පුරා ආප්ප, බිත්තර ආප්ප, නිෂ්පාදනය කිරීම සියයට 50 කින් අඩු වී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින’ ට ඊයේ (27 වැනිදා) පැවැසීය.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ පාරිභෝගිකයන් ආප්ප මිලදී ගැනීම සීමා කිරීම මෙන්ම ආප්ප බාස්ලාට ගෙවන වැටුප වැඩි නොකිරීම හේතුවෙන් ඔවුන් වෙනත් රැකියා සඳහා යොමුවීමට මෙයට හේතු වී ඇතැයි ඒ මහතා කියා සිටියේය.

රටපුරා ආප්ප බාස්ලා 5000කට අධික පිරිසක් සේවය කළ බවත්, මේ තත්ත්වය හමුවේ ආප්ප බාස්ලා විශාල පිරිසක් රැකියාව අත්හැර ගොස් ඇති බවත් හෙතෙම පැවසීය.

පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී පරිභෝගිකයන්ට ආප්පයක, බිත්තර ආප්පයක රස බැලීමටවත් නො ලැබෙනු ඇතැයි ද අසේල සම්පත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment