ආර්ථික අර්බුද හමුවේ මතුවන රෝගාබාධ

480

මේ වනවිට අප රට තුළ මතුව ඇති සමාජ ආර්ථික අර්බුදය හමුවේ ජනතාව සිටින්නේ සතුටින් නොවේ. තම අපේක්‍ෂාවන් ඉටුකර ගැනීමට නොහැකි වේ යැයි යන කම්පනයෙන් යුතුවය. එදිනෙදා වියදම් දරාගත නොහැකි අයුරින් ඉහළ ගොස් ඇත. ආදායමට වඩා වියදම වැඩි වී තිබේ. මෙවැනි ගැටලූ හමුවේ ජනතාව ජීවත් වන්නේ දැඩි මානසික පීඩනයකින් යුතුවය.

 මෙය වෛද්‍යවරයකු ලෙස මා දකින්නේ එතරම් යහපත් පරිසරයක් නොවන බවය. ජනතාව දැඩි කම්පනයෙන් යුතුව ජීවත්වීම සහ හෙට දවස ගැන අවිනිශ්චිත බවකින් පසුවීම තුළින් ඔවුන් තුළ දැඩි මානසික පීඩාවක් හටගනී. මෙම තත්ත්වය මත ඔවුන් අතර බෝ නොවන ගණයේ රෝග රැසක් මතුවීමේ අහිතකර පසුබිමක් සකස් වේ.

 විශේෂයෙන් දියවැඩියාව, අධිරුධිර පීඩනය, මානසික ආතතිය ඉන් ප‍්‍රධාන තැනක් ගනී. මෙම රෝග උත්සන්න වීම නිසා හෘදයාබාධ හට ගැනීම, වකුගඩු රෝග ඇතිවීම ආදිය ද සිදුවේ.

 මේ වනවිට අප රටේ ජනතාවගෙන් බහුතරයක් පසුවන්නේ බෝ නොවන රෝගවලට ගොදුරුව හෝ ගොදුරුවීමේ අවදානම් කලාපයේ ය.

 එවැනි පසුබිමක ජීවත්වන ජනතාවට තම දවසේ වියදමවත් සොයා ගැනීමට නොහැකි වන විට, හෙට දවස ගැන අවිනිිශ්චිත බවක් දැනෙන විට දැඩි මානසික ආතතියක් හට ගනී.

 අප රටේ ජීවත්වන බහුතරයක් වූ ජනතාවගේ ආදායම් මාර්ගය වී ඇත්තේ රැුකියාවක් කර මාසික වැටුපක් ලබාගැනීමය. ඊට අමතරව තවත් පිරිසක් එදිනෙදා වැටුපක් ලබාගන්නා රැුකියාවල නිරත වේ. මෙම ජනතාවගේ ආදායම් මාර්ගය වන වැටුප දිනපතා වැඩි වන්නේ නැත. එවැනි පසුබිමක දිනපතා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවන විට, ප‍්‍රවාහන ගාස්තු ඉහළ යන විට ඔවුනට තම වැටුපින් ජීවත්වීමට නොහැකි වේ. නමුත් ඉහළ යන බඩු මිලට සරිලන ලෙස ඔවුනගේ වැටුප වැඩිවීමක් ද සිදු නොවේ. මෙම ගැටලූව හමුවේ ඔවුන් තුළ තම දූ දරුවනට කන්න බොන්න දීම ගැන, අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වැය කිරීම ගැන දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වේ. එහි ප‍්‍රතිඵලය වන්නේ ඔවුන් දැඩි ලෙස මානසික ආතතියට පත්වීමය.

 උදෑසන අවදි වූ මොහොතේ සිට රාත‍්‍රියට නින්දට යන තුරු සිහිපත් කරන්නේ මෙම ගැටලූ සඳහා මුහුණ දෙන ආකාරය ගැනය. මෙය ඉතා සංවේදී කරුණකි. හෙට දවස ගැන ජනතාවට අවිනිශ්චිත බවක් ඇතිවීම සහ මතුව ඇති ආර්ථික අර්බුද සඳහා පේනතෙක් මානයේ විසඳුම් නොමැති විට ඇතිවන මානසික පීඩනය ද දිනෙන් දින ඉහළ යයි. මෙය ඉතාමත් බරපතළ කරුණක් බව සිහිතබා ගත යුතුය.

 මෙම මානසික පීඩනය නිසා ජනතාව තුළ නිතර කෝපය හට ගනී. ආවේගශීලී බවකින් පසුවේ. නොසන්සුන් බවක් මතුවේ. එනිසා අප ගතකරන මෙම කාල පරිච්ෙඡ්දය දැඩි අවදානම් සහිත බව වටහා ගත යුතුය.

 ඉන්ධන පෝලිම් හමුවේ, ගෑස් පෝලිම් හමුවේ, ජනතාව ආවේගශීලී වන්නේ පවතින මානසික පීඩනය නිසාය.

 මෙවැනි පෝලිම් හමුවේ දිගු වේලාවක් දැඩි පීඩාවකින් යුතුව සිටීම නිසා හෘදයාබාධ සහිත පුද්ගලයනගේ රෝග උත්සන්න විය හැකිය. රුධිර පීඩනය වැඩිවිය හැකිය.

 පසුගිය දිනවල මෙවැනි පෝලිම් හමුවේ පුද්ගලයන් මියයෑමේ සිද්ධීන්වලට හේතුව ද මෙලෙස තම රෝගාබාධ මානසික පීඩනය නිසා උත්සන්න වීමය.

 * මානසික පීඩනය සහ රෝග උත්සන්න වීම පාලනය

 පවතින අර්බුදකාරී සමාජ පසුබිම හමුවේ ජීවත්වීම සඳහා අප මනස පාලනය කරගත යුතුය. මතුව ඇති ආර්ථික අර්බුද හමුවේ ගැටලූවලට මුහුණදීමට සිදුව ඇත්තේ තමාට පමණක් නොවන බව අවබෝධ කරගත යුතුය. ඒ අනුව තම පෞද්ගලික මානසික මට්ටම කඩාවැටෙන්නට නොදී පාලනය කරගත යුතුය. පෞද්ගලික මානසික මට්ටම කඩා වැටුනහොත් එය තම නිරෝගී සෞඛ්‍යයට ද බලපායි. රුධිර පීඩනය වැඩි වේ. රුධිරගත සීනි මට්ටම ඉහළ යයි. මානසික පීඩාව නිසා හදිසි හෘදයාබාධ මතුවිය හැකිය. එවිට අපට අනාගතයට මුහුණදීමට සිදුවන්නේ රෝගී පුද්ගලයකු ලෙස ය.

 එසේම තමාගේ පෞද්ගලික ජීවිතයේ ක‍්‍රියාකාරකම් වලට ද බලපායි. කලකිරීම  ලිංගික දුබලතා හට ගැනීම, අලස බව ඇතිවීම මතුවේ. එබැවින් ඉවසීම ඇතිකර ගැනීමට, මනස සන්සුන් කරගැනීමට පියවර ගත යුතුය.

 ඒ සඳහා සෘණාත්මක සිතුවිලි ඇතිවන සිද්ධීන් නිතර දැකීම ඇසීම ආදියෙන් ඈත්විය යුතුය. ධනාත්මකව සිතමින් කටයුතු කළ හැකි, සතුට ඇතිවන ආකාරයේ කටයුතුවල යෙදෙමින් තම පෞද්ගලික ජීවිතය ගතකළ යුතුය. එවිට මානසික බිඳවැටීම් පාලනය කර ගත හැකිය.

 බෝ නොවන රෝගාබාධවලින් පෙළෙන්නේ නම් ඒ සඳහා නිසි ප‍්‍රතිකාර ගැනීම කළ යුතුය. ආහාරපාන ගැනීමේදී ද සැලකිලිමත් විය යුතුය.

 මතුව ඇති ගැටලූ හමුවේ තනිව විසඳුම් සොයන්නට උත්සාහ නොකර පවුලේ සාමාජිකයන් සමඟ ද සාකච්ඡුා කරමින් සාමූහිකව පිළිතුරු සෙවීමට උත්සාහ කළ යුතුය.

 අධි රුධිර පීඩනයට ලක්ව, දියවැඩියාව උත්සන්නව, මානසික ආතතියට පත්ව ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන බොහෝ පුද්ගලයන්ට ඒ සඳහා බලපා ඇති තවත් හේතුවක් වී ඇත්තේ මාධ්‍ය තුළින් නිතර ප‍්‍රචාරය වන ගැටුම්කාරී සිද්ධීන්ය. ඉන් ඔවුනගේ මානසික පීඩනය ඉහළ ගොස් ඇත. එනිසා මෙවැනි සිද්ධීන් නැරඹීමෙන් හැකිතාක් වැළකිය යුතුය.

ආර්ථික අර්බුද හමුවේ මතුවන රෝගාබාධ

advertistmentadvertistment
advertistmentadvertistment