තුවාල නොවන තුවාල සඳහා ප්‍රතිකාර

385

අපගේ සිරුරේ ඇතිවන ඇතැම් තුවාල වර්ග තුවාල සේ බැලූ බැල්මට පෙනුන ද ඇත්තෙන් ම ඒවා තුවාල නොවේ. එනිසා ඒවා තුවාලයකට කරන ප්‍රතිකාර මගින් සුව කිරීමට ද පහසු නොවේ. හමේ ඇතිවන එවැනි තුවාලයක් නොවන තුවාල රාශියක් ඇත. සමෙහි ඇතිවන ලීෂ්මනයිසිස් (Cutaneous Leishmaniasis) ද එම ගණයට අයත් තුවාලයක් නොවන තුවාල වර්ගයක් ලෙස සැලකිය හැකිය.

වැලිමැස්සා (Sand fly) හෙවත් හෝහපුටුවා මෙහි රෝග කාරකයා ලෙස හඳුනාගෙන ඇත. මෙම තුවාල ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රියකින්ම හමුවී තිබේ. 2021 වසරේ දී ලීස්මා නයිසික් වැළඳුනු රෝගීන් 22 ක් හමුවී තිබිණි. මෙම රෝගය නිසි ලෙස පාලනය නොකළහොත් ඉදිරියේ දී රෝගීන් විශාල ලෙස හමුවීමේ අවදානමක් පවතී.

ලීෂ්මනයිසීස් රෝගය

වැලිමැස්සා දෂ්ට කිරීමෙන් ලීෂ් මානියා නමැති පරපෝෂිතයින් ශරීරගතවීම නිසා මෙම රෝගය ඇතිවේ.

එබැවින් ලීෂ්මනසිස් ලෙස හඳුන්වන මෙම රෝගය ඇතිවන්නේ ලීෂ්මේනියා පරපෝෂිතයින් අසාදිත වැලිමැස්සන් දෂ්ට කිරීමෙන් පමණි. සෑම වැලි මැස්සෙක්ම දෂට කිරීමෙන් රෝගය මතු නොවේ.

දෑත්, දෙපා, මුහුණ වැනි සිරුරේ නිවාරණය වූ ප්‍රදේශවලට ඉතා පහසුවෙන් වැලිමැස්සා දෂ්ට කරනු ලබයි. එනිසා මෙම තුවාට හටගැනීම සුලභව දැකිය හැක්කේ දෑත් දෙපා මුහුණ ආදී ප්‍රදේශවලය.

මිනිසුන්ට බලපාන ලීෂ්මනයසිස් වර්ග තුනක් ඇත. නමුත් බහුලව ම දැකිය හැක්කේ සමෙහි තුවාල ඇති කරන චර්මගත ලීෂ්මනයසිස් (Cutaneous Leishmaniasis) රෝගයයි.

සමයෙහි මෙම රෝගය ඇතිවූ විට සම මත තුවාල එකක් හෝ කිහිපයක් ලෙස මතුවිය හැකිය. ඒවා ගිනි කන්දක ආකාරයට වටේ මඳක එසවී වණ ලෙස විශාල විය හැකිය. ඇතැම්විට කුරුළෑවලට සමාන ඉදිමීම් ලෙස හෝ කුඩා ගැටිති ලෙස ආරම්භ විය හැකිය.

මෙම රෝගය නිසා ඇතිවෙන තුවාල සාමාන්‍යයෙන් වේදනා රහිතය. නමුත් බැක්ටීරියාව වැනි වෙනත් විෂබීජවලින් ආසාදනය වුවහොත් වේදනාවක් හටගනී. සමහර පුද්ගලයින්ට තුවාල ආසන්නයේ වසා ග්‍රන්ථි ඉදිමුමක්ද දැකිය හැකිය.

වැලිමැස්සා දෂ්ට කිරීම නිසා හටගත් කුඩා ගැටිති දිගු කාලයක් තිබී පසුව තුවාල ලෙස ද මතුවිය හැකිය. එසේ වෙන්නේ තුවාලය මත සිටින පරපෝෂිතයින් වර්ධනය වන ආකාරය අනුවය.

ප්‍රතිකාර

ලීෂ්මනයිසිස් රෝගය නිසා ඇතිවූ තුවාලවලට සාමාන්‍ය තුවාල සඳහා සිදු කරන ප්‍රතිකාර මගින් සුවයක් නොලැබේ. ඒ සඳයා පරපෝෂිතයා විනාශකිරීම සඳහා අවශ්‍ය ඖෂධ ලබාදිය යුතුය. එහිදී පරපෝෂියා විනාශ කිරීම සඳහා තුවාලය අවට ප්‍රදේශයට එන්නත් ලබාදීම ද සිදු කරනු ලබයි.

මෙලෙස ප්‍රතිකාර කිරීම මගින් ලීෂ්මනයිසිස් රෝගය නිසා හටගත් තුවාල සුවකළ හැකිය. නමුත් බොහෝවිට සිදුවන්නේ මේ සඳහා සාමාන්‍ය ප්‍රතිකාර ලබාගැනීම මගින් තුවාලය දිගු කාලයක් පැවතීමය. එවිට එම තුවාලය නිසා හටගන්නා කැලැල් ද සම මත පවතී. එබැවින් නිසි වෛi සායනයකට යොමුවී තුවාලය හඳුනාගෙන ප්‍රතිකාර ලබාගැනීමෙන් කාලයක් ගතවීමට පෙර ඉක්මනින් සුවපත් කරගත හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0778899021 ඇමැතිය හැකිය.

තුවාල නොවන තුවාල සඳහා ප්‍රතිකාර

තුවාල ප්‍රතිකාර සම්බන්ධ
පශ්චාත් උපාධිධාරී
වෛද්‍ය ගයාන් ජයකොඩි
((MBBS, MSC)
වුන්ඩි වුන්ඩ් ඉනෝවේෂන්, තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය, රද්දොළුගම.

advertistmentadvertistment
advertistmentadvertistment