තරගාවලිය ජයගන්න ඉන්දියාව ලකුණු 152 ක් පිටුපසින්

224

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග පහකින් යුත් ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය ජය ගැනීම සඳහා ඉන්දියාවට තවත් ලකුණු 152 ක් අවශ්‍ය වේ.

ලකුණු 192 ක ඉලක්කයක් හඹා යන ඉන්දියාව ඊයේ තෙවැනි දිනය නිමාවන විට කිසිවෙක් නොදැවී ලකුණු 40 ක් ලබා සිටියහ.

තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයේ සියලු දෙනා ලකුණු 145 කට දවා ගැනීමට රවිචන්ද්‍රන් අශ්වින් සහ කුල්දීප් යාදෙව් ගේ පන්දු යැවීම ඉවහල් විය.

අශ්වින් කඩුලු 5 ක් සහ කුල්දීප් කඩුලු 4 ක් දවා ගත් අතර තරග 2-1 ක් ලෙස ඉන්දියාව මේ වන විට තරගාවලියේ පෙරමුණ ගෙන ඇති අතර අද තරගය ඉන්දියාව ජයග්‍රහණය කළහොත් ඉන්දියාවට තරගාවලි ජයග්‍රහණයද හිමිවෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment