ඇමැති කෙනෙක් නැතිව කී‍්‍රඩා පනතක් පාර්ලිමේන්තුවේ හිරවේ

300

කී‍්‍රඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කිරීමට යොදා ගෙන තිබූ නියෝග කිහිපයක් විෂය භාර කී‍්‍රඩා ඇමැතිවරයකු නොමැති වීම හේතුවෙන් කල් දැමීමට පාර්ලිමේන්තුව ඊයේ (05 දා) කටයුතු කළේය.

කී‍්‍රඩා හා තරුණ කටයුතු ඇමැති ලෙස කටයුතු කළ නාමල් රාජපක්ෂ මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ කී‍්‍රඩා අමාත්‍ය ධුරයට මෙතෙක් ඇමැතිවරයකු පත් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය පැන නැගුණි.

පාර්ලිමේන්තුවේ ඊයේ (05 දා) නියමිත ප‍්‍රධාන කටයුතු අතර ,, වන අංකය යටතේ අනුමත කිරීමට කටයුතු යොදා තිබූ කී‍්‍රඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග පිළිබඳ විවාදය සඳහන් විය.

කී‍්‍රඩා ඇමැතිවරයකු නොමැති පාර්ලිමේන්තුවක එම නියෝග පිළිබඳ විවාද කර පලක් නැති බවට විපක්ෂ මන්තී‍්‍රවරුන් විසින් සඳහන් කිරීමෙන් පසුව එම නියෝග ඉදිරිපත් නොකිරීමට ආණ්ඩු පක්ෂය කටයුතු කළේය.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් එම නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment