පාස්කු ප‍්‍රහාරයේ විත්තිකරුවන් 25ට අධිචෝදනා විසිතුන්දහසක් – 12 දෙනෙක් රජයේ වියදමින් නීතිඥවරුන් ඉල්ලති

407

මුස්ලිම් අන්තවාදීන් විසින් 2019 අපේ‍්‍රල් 21 වැනිදා දිවයිනේ පිහිටි ප‍්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන හා තරුපහේ සංචාරක හෝටල් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23,270 ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ අධිචෝදනා පත‍්‍ර නවුෆර් මවුලවි, සදීත් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට ඊයේ (04දා) කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී භාරදෙන ලදී.

පාස්කු ප‍්‍රහාරයේ විත්තිකරුවන් 25ට අධිචෝදනා විසිතුන්දහසක් - 12 දෙනෙක්  රජයේ වියදමින් නීතිඥවරුන් ඉල්ලති

එම නඩුව දමිත් තොටවත්ත, අමල් රණරාජ හා නවරත්න මාරසිංහ යන විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී 15 විත්තිකරු හැර සෙසු සියලූ විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. 15 වන විත්තිකරු වන මොහොම්මදු හනීෆා සෙයුහුල් ආව්දීන් හෙවත් අබු හිනා නමැත්තා කොරෝනා ආසාදිතව සිටින බැවින් ඔහු අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකරුවන් 24 දෙනා අතරින් 12 දෙනකු වෙනුවෙන් නීතිඥවරුන් පෙනී නොසිටි අතර තමන් වෙනුවෙන් නඩුවට පෙනී සිටීම සඳහා දෙමළ භාෂාව පිළිබඳ මනා අවබෝධයක් ඇති නීතිඥවරුන් රජයේ වියදමින් පත් කරන ලෙස සෙසු විත්තිකරුවන් 12 දෙනා අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පාස්කු ප‍්‍රහාරයේ විත්තිකරුවන් 25ට අධිචෝදනා විසිතුන්දහසක් - 12 දෙනෙක්  රජයේ වියදමින් නීතිඥවරුන් ඉල්ලති

තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා පත‍්‍රය ඇතුළු ඇමුනුම් ද්‍රවිඩ භාෂාවෙන් ලබාදීමට නීතිපතිවරයාට නියෝග කරන්නැයි විත්තිකරුවන් 18 දෙනකු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. තමන් කොළඹ සහිරා විiාලයෙන් ඉංග‍්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබූවකු වන බැවින් එම චෝදනා පත‍්‍රය ඉංග‍්‍රීසි භාෂාවෙන් ලබාදෙන ලෙස මොහොමඞ් අක‍්‍රම් අහක්කම් නමැති 25 වන විත්තිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. රජයේ වියදමින් නීතිඥවරුන් පත් කරන ලෙස ඉල්ලා සිටි විත්තිකරුවන් 12 දෙනා අතරින් 9 වන හා 11 වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඔවුන්ගේ කැමැත්ත පරිදි නීතිඥ කසුන් ලියනගේ මහතා පත්කිරීමට විනිසුරු ම`ඩුල්ල පියවර ගත් අතර සෙසු විත්තිකරුවන් 10 දෙනා වෙනුවෙන් පෙනී සිටීම සිංහල හා ද්‍රවිඩ භාෂාව දන්නා නීතිඥවරුන් නම්කර එවන ලෙස දන්වා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත නියෝගයක් යැවීමටද විනිසුරු ම`ඩුල්ල එහිදී නියෝග කළහ.

එම අධිචෝදනා පත‍්‍රය සහ ඇමුනුම්වල පිටපත් තමන්ට ලබාදෙන ලෙසට නියෝගයක් කරන්නැයි අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරනා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අභයරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රටේ ජාතික ආරක්‍ෂාවට භෞමික අඛණ්ඩතාවට සහ ස්වෛරීභාවයට හානි වන අන්දමින් කටයුතු කරනා ඕනෑම අයකු තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන ඒමට තම දෙපාර්තමේන්තුව පසුබට නොවන බවත් ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදයෙන් තොර රටක් බවට පත්කිරීම සිය දෙපාර්තමේන්තුවේ ඒකායන අදිටන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය එහිදී නඩුවේ ආරම්භක දේශනය පවත්වමින් ප‍්‍රකාශ කළාය. ලොව පුරා වෙසෙන කිතුනු ජනතාව මහත් බැතියෙන් සමරන පාස්කු ඉරිදා සිය දෙමාපියන්ගේ අතැ`ගිලිවල එල්ලී දේවස්ථාන කරා ගිය දරුවන් එලෙස තමන් ගමන් කරනුයේ ජීවිතයේ අවසාන වතාවට බව කිසිදා නොසිතන්නට ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එකී දරුවන්ගේ පමණක් නොව දෙමාපියන්ගේ ද සුබසිහින කුරිරු ත‍්‍රස්තවාදීන් විසින් සුනු විසුනු කර ඇතැයි ද කියා සිටියාය.

ඉතා සුළු පිරිසක් වූ ත‍්‍රස්තවාදීන් එදින එල්ල කළ එකී අමානුෂික බෝම්බ ප‍්‍රහාර මාලාව පුරා 30 වසරක යුද ගැටුම් නිමකර රට තුළ ඇති වෙමින් තිබූ සහජීවනය, ජාතික හා ආගමික සමගිය බොහෝ දුරට බිඳ දැමීමට ඉවහල් වූ බවද එහිදී විනිසුරු ම`ඩුල්ලට පෙන්වා දුන් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමුවරට අධිචෝදනා 23, 270 ක් වැනි විශාල ප‍්‍රමාණයක් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇත්තේ එකී කරුණු ද සිත්හි තබාගෙන වන්නේ යැයිද අධිකරණයට පෙන්වා දුන්නාය.

එම නඩුව ලබන නොවැම්බර් 23 වැනිදා යළි කැඳවීමට විනිසුරු ම`ඩුල්ල නියෝග කළේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥවරු පත්කර ගැනීමට උත්සාහ දරන ලෙසත් එසේ නොහැකි වන්නේ නම් ඉදිරි නඩු දිනයේදී ඒ පිළිබඳව තම අධිකරණයට නැවත දැනුම් දෙන ලෙසත් රජයේ වියදමින් නීතිඥවරුන් පත් කරන ලෙස ඉල්ලා සිටින විත්තිකරුවන්ට අධිකරණය නියෝග කළේය.

මහාධිකරණ භාෂණ පරිවර්තක මොහොම්මදු අෂ්රාෆ් මොහොම්මදු අෆ්රාර් මහතා සිංහල දෙමළ භාෂා පරිවර්තනයෙන් අධිකරණයට සහාය වූ අතර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වෙනුවෙන් නීතිඥ ඉන්දික අබේකෝන්, අවින්ද සිල්වා, වරුණ සේනාධීර කෞෂල්‍ය අභයරත්න හා ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා සම`ග ජනාධිපති නීතිඥ නෙවිල් අභයරත්න මහතා පෙනී සිටියේය.

රජයේ අධිනීතිඥ ජයලක්ෂ්මිණි ද සිල්වා රජයේ අධිනීතිඥ ලක්මාලි දිසානායක චතුර විජේසූරිය කසුන් සරත්චන්ද්‍ර, රජයේ අධිනීතිඥ, සජිත් බණ්ඩාර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා යන මහත්ම මහත්මීන් සම`ග අතිරේක සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුගත් අමරසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටියහ.

මුහම්බදු ඊබ‍්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නව්ෆර් මවුලවි, මොහොමඞ් සරිබු ආදම් ලෙබ්බේ හෙවත් ගෆුර් මාමා, හයාතු මොහොම්මදු අහමදු මිල්හාන් හෙවත් අබු සිලා, මොහොමද් ඊබ‍්‍රාහීම් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමර්, මොහොමද් ඊබ‍්‍රාහීම් සාහිඞ් අබ්දුල් හක් හෙවත් අබු ෆලා, මොහොමඞ් අන්වර් මොහොමඞ් රිස්කාන් හෙවත් අබු තාරික්, මොහොමඞ් මන්සූර් මොහොමඞ් සනස්දීන් හෙවත් තයිබු හෙවත් අබු මිසාන්, අබ්දුල් මනාන් මොහොමඞ් පිරිදවුස්, මොහොමඞ් රවීෂ් මොහොමඞ් සාජිත් හෙවත් අබු නජා හෙවත් සාජිත් මවුලවි, අබ්දුල් ලතීෆ් මොහොමද් සාෆි හෙවත් සාෆි මවුලවි, හුසෙහුල් රිස්වි කාලිද් සමිර්, මොහොමඞ් ස්වාහීර් මොහොමඞ් හසන් හෙවත් අබු දාවුද්, මොහොමද් ඉස්තිකාර් මොහොමද් ඉන්සාෆ් හෙවත් අබු මොහොමද්, රෂීඞ් මොහොමඞ් ඊබ‍්‍රහිම්, මොහොමඞ් හනීෆා සෙයුනුල් ආබ්දීන් හෙවත් අබු හිනා, මොහොමඞ් මුස්තාපා මොහොමඞ් හැරිස් හෙවත් අබු හන්ජියාර්, යාසිම් බාවා අබ්දුල් රවුෆ් හෙවත් යාසින් බාවා අබ්දුල් රවුෆ්, රාසික් රාසා හුසේයින්, කච්චි මොහොම්මදු මොහොම්බදු ජෙම් සින් හෙවත් අබු අබ්දුල් මලික්, සෙයිහුල් අයිඞීන් රිස්වාන්, මීරා සහිබ් මොහොමඞ් නෆ්ලි හෙවත් අබු සබා හෙවත් නෆ්ලි බුදර් හෙවත් සහෝදර නෆ්ලී, මොහොමඞ් අමීර් මොහොම්මදු අයන්තුල්ලා හෙවත් අබු අයිස් ඊබ‍්‍රාහිම් මොහොමඞ් අන්සාර්ඞීන් ඉල්මි හෙවත් හිල්මි සහ මොහොමඞ් අක‍්‍රම් අහක්කම් එම නඩුවේ විත්තිකරුවෝ වෙති.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment