අයිඩියල් මෝටර්ස් රු.මි. 2.4ක් වටිනා Mahindra Mojo අධිබලැති යතුරු පැදි 2ක් ශ‍්‍රී ලංකා පොලිසියට පරිත්‍යාග කරයි

308

රුපියල් මිලියන 2.4 ක් පමණ වටිනා Mahindra Mojo අධිබලැති යතුරු පැදි දෙකක් අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් ශ‍්‍රී ලංකා පොලිසියට පරිත්‍යාග කරනු ලැබීය.

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා විසින් පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා වෙත මෙම යතුරු පැදි දෙක පොලිස් මූලස්ථානයේදී පසුගියදා ශ‍්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කරනු ලැබිණි.

300CC එන්ජින් ධාරිතාවයෙන් යුත් මෙම Mahindra Mojo යතුරු පැදි දෙක ශ‍්‍රී ලංකා පොලිසියේ රථ වාහන කොට්ඨාසය මගින් විශේෂ අවස්ථාවන් සදහා යොදා ගැනීමට නියමිත අතර
ඊට අවශ්‍ය නවීකරණ කටයුතුද අයිඩියල් චොයිස් වෙතින් සිදුකර තිබේ.

අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම ශ‍්‍රී ලංකා පොලිසිය සමග ඉතා දීර්ඝ කාලක සිට සහයෝගයෙන් කටයුතු කරන අතර එය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම යතුරුපැදි දෙක ශ‍්‍රී ලංකා පොලිසිය වෙත ලබාදෙන ලදී.

මේ පිළිබදව අදහස් දැක්වූ අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා, අයිඩියල් මෝටර්ස් සහ ශ‍්‍රී ලංකා පොලිසිය ඉතා දීර්ඝ කාලයක සිට සහයෝගයෙන් කටයුතු කරනවා. ශ‍්‍රී ලංකා පොලිසිය මහින්ද්‍රා ස්කෝපියෝ ජීප් රථ සහ මහින්ද්‍රා කැබ් රථ විශාල සංඛ්‍යාවක් භාවිතා කරනවා. මේ වන විට මහින්ද්‍රා අයිඩියල් වාහන ව්‍යාපාරයට ශ‍්‍රී ලංකා පොලිසිය සමග දශකයකට වඩා වැඩි සෘජු ඉතිහාසයක් තියෙනවා. ශ‍්‍රී ලංකා පොලිසියට ස්කෝපියෝ ජීප් රථ හා කැබ් රථ විශාල ප‍්‍රමාණයක් අප විසින් ලබාදී තිබෙනවා. එම වාහන සදහා අයිඩඩියල් මෝටර්ස් අලෙවියෙන් පසු අතිවිශිෂ්ට සේවාවක් ලබාදෙනවා. ඒ සම්බන්ධය තහවුරු කරන අවස්ථාවක් ලෙස නවීන පන්නයේ Mahindra Mojo යතුරු පැදි දෙකක් පොලිස්පතිතුමාට පරිත්‍යාග කරනු ලැබුවා. අප හා ශ‍්‍රී ලංකා පොලිසිය අතර තිබෙන සම්බන්ධයට, දීර්ඝකාලීන බැදීමට අපෙන් ලැබෙන තිළිණයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්. ස්මාර්ට් මොබිලිටි නමැති නවීන සංකල්පයට අනුකූල යතුරු පැදි දෙකක් තමයි අයිඩියල් චොයිස් මගින් නවීකරණය කරලා ශ‍්‍රී ලංකා පොලිසිය වෙත ප‍්‍රදානය කළේ යැයි කියා සිටියේය.

එමෙන්ම මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව භාවිතා කරන මහින්ද්‍රා ස්කෝපියෝ ජීප් රථ 128ක් පමණ අලූත්වැඩියා කිරීමටද අයිඩියල් මෝටර්ස් කටයුතු යොදා තිබෙනවා. මීට අමතරව ශ‍්‍රී ලංකා පොලිසියේ භාවිතයෙන් ඉවත් කර තිබූ තවත් යතුරු පැදි 52ක් පමණ නවීකරණය කර යළි ශ‍්‍රී ලංකා පොලිසිය වෙත ලබාදීමටද අයිඩියල් මෝටර්ස් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම දැනට පොලිස් දෙපාර්තමේන්තුව භාවිතා කරන
ඕනෑම මාදිලියක යතුරු පැදි අලූත්වැඩියා කරදීමටද අයිඩියල් මෝටර්ස් බලාපොරොත්තු වෙනවා යැයිද නලීන් වෙල්ගම මහතා වැඩිදුරටත් කියා සඳහන් කළේය.

අයිඩියල් මෝටර්ස් වෙතින් ශ‍්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කළ Mahindra Mojo යතුරු පැදි දෙක පිළිබදව අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා විසින් පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතාව දැනුවත් කරන අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම
අවස්ථාවට එක්වූ අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ චමින්ද වනිගරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ද ඡායරූයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment