ඇමැතිකම් ගන්න රහසේ පොරකති

2007

නව රජය සමග එක්වීමට සූදානමින් සිටින ප්‍රධාන පක්ෂ කීපයක මන්ත්‍රීවරුන්, අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා ගැනීමට විවිධ බලපෑම් කිරීම නිසා ඇමැතිකම් ලබාදීමේ දැඩි අර්බුදයකට රජය මුහුණ දී සිටින බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.
කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 22 ක උපරිමයකට තබා ගැනීමට රජය දැඩි උත්සාහයක නිරත වී සිටින බවත් අමාත්‍ය ධුර ලබා ගැනීමට මන්ත්‍රීවරුන් රැසක් උත්සාහ කිරීම නිසා මෙම අර්බුදය මතුවී ඇති බවත් සඳහන්ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු, සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් ද වර්තමාන රජයට පක්ෂපාතී කර ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටින බව ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද වර්තමාන රජයේ අමාත්‍ය ධුර හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම සමගි ජනබලවේගය පක්ෂයේ ද තවත් ප්‍රබලයන් කීපදෙනකු වත්මන් රජය සමග එක්ව අමාත්‍ය ධුර ලබා ගැනීමට රහසිගත සාකච්ඡා පවත්වමින් සිටින බව ද වාර්තා වෙයි.

මේ අතර සර්ව පාක්ෂික අණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පෙරේදා (20 දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

නිමල් සිරිපාල ද සිල්වා මහතා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා – අධ්‍යාපන අමාත්‍ය

ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය

හරින් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය

රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය

මනුෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

නලීන් ප්‍රනාන්දු මහතා – වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය,

ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය

හේමන්ත රන්දුණු, අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment