ඇමෙරිකානු කථානායක විශ්වාසභංගයෙන් පරදියි

322

ඇමෙරිකානු කථානායක කෙවින් මැකාති ඔහුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයකින් පරාජය වී තිබේ.

ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයකු මෙලෙස ඉවත් කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.

පරාජයෙන් පසු අඟහරුවාදා සවස රිපබ්ලිකන් නීති සම්පාදකයින්ගේ පුද්ගලික රැස්වීමක දී මැකාති මහතා පැවසුවේ තමා නැවත කථානායක ධුරයට තරග කිරීමට අදහස් නොකරන බවයි.

පසුගිය ජනවාරියේ මෙම ධුරයට පත්වූ මැකාති මහතාට රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 210 දෙනෙකුගේ සහය හිමි ව තිබිණි. අඟහරුවාදා පැවැති ඡන්ද විමසීමේදී ඔහුට විරුද්ධව ඉන් රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම නිසා මේ ධුරය අහිමි විය. මේ මන්ත්‍රීවරු අට දෙනා ඩිමොක්‍රටික් පාක්ෂික මන්ත්‍රීවරුන් හා එක්ව කථානායකට විරුද්ධ වූහ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment