බුදුදහම ලොවට පැතිරවීමට ගෝලීය බෞද්ධ සමුළුව උපකාරී වේ – ටිබෙටයේ ආචාර්ය රින්පොචී

254

බුදුදහමේ සාරය ලොවපුරා ව්‍යාප්ත කිරීමට නවදිල්ලි නුවරදී ආරම්භ වූ ගෝලීය බෞද්ධ සමුළුව උපකාරී වන බව ටිබෙටයේ ආචාර්ය බුදුදහම පිළිබද භාවනා උපදේශක යොන්ගේ මින්ගයුර් රින්පොචී පැවසීය.නවදිල්ලි නුවර ඉකුත් 20වැනිදා ආරම්භවූ මෙම සමුළුවට සහභාගී වෙමින් ඔහු මේ බව මාධ්‍ය වෙත සදහන් කළේය.තමා මෙම සමුළුවට සහභාගී වීම ගැන ඉතා සතුටු වන බවත් විවිධ සම්ප්‍රදායන් හා විවිධ පරම්පරාවන් හමුවූ බවත් පැවසූ ඔහු එම අයගෙන් බොහෝ දේ ඉගෙන ගත් බවත් කීවේය. බුදුදහමේ උපත සිදුවේ ඉන්දියාවේය.එහි ප්‍රධාන පණිවිඩය වන්න දැනුවත් භාවය,ආදරය,දයාව සහ ප්‍රඥාවය.ඉන්දියාව සහ නේපාලය අතර අසල්වාසීන් ලෙස බුදුදහම පදනම් කරගත් සමීප සබදතාවක් ඇත.ඉන්දියාවෙන් ටිබෙටයට බුදුදහම පැමිණි නිසා ඉන්දියාව පියා හා සමාන බවත් නේපාලයේ මව හා සමාන බවත් ඔහු පැවසීය.අපට ඉන්දියාවෙන් බොහෝ දේ ඉගෙන ගත් හැකියි.බුදුන් ඉපදුනේ නේපාලයේය.නමුත් බුදු දහම ලොව පුරා විවිධ පළාත් වලට ඉගැන්වීම් සිදුවේ ඉනිදියාවෙනි බවත් රින්පොචී සදහන් කළේය. ඉන්දීය සංකෘතික අමාත්‍යාංශය එක්ව මෙම ජාත්‍යන්තර බෞද්ධ සමුළුව පවත්වනු ලැබීය.සමකාලීන අභියෝග සදහා ප්‍රතිචාර දැක්වීම සමුළුවේ තේමාව විය. සමුළුවේ සමාරම්භක දේශණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පවත්වනු ලැබීය. බුදුන්ගේ සාම්ප්‍රදායික භූමිය තුළ උන්වහන්සේගේ පරමාදර්ශය මත පිහිටමින් ජීවත්වූ බොහෝ අය සිටිති. ඔවුන්ගේ අත්දැකීම් බුදුන්වහන්සේ අප වටා වැඩසිටීමේ අත්දැකීම් වර්තමානයේ අපට දැනෙන්නට සලස්වන්න බවත් උන්වහන්සේ පුද්ගලයාගෙන් ඔබ්බට ගිය සංජානනයක් බවත් අග්‍රාමාත්‍යවරයා සිය දේශනයේ දී සදහන් කළේය. ටිබෙටයේ ආත්මීය නායක දලයිලාමා තුමා ද මෙම සමුළුවට ඉකුත් 21දා සහභාගී වූහ. තමා මෙන් ප්‍රඥාව සහ දයානුකම්පාව කෙරෙහි අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේය. ටිබෙටයට තම ආදර්ශය ලබාදෙමින් වත්මන් තත්ත්වය දෙස පුළුල් දෘෂ්ටිකෝණයකින් බලන බව ද දලයිලාමා තුමා මෙහිදී අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment