ආරක්ෂක අමාත්‍යාංශයේ අලුත් අවුරුදු උළෙලට ජනාධිපතිත් එක්වෙයි….

81

ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය සංවිධානය කළ සිංහල – දෙමළ අලුත් අවුරුදු උත්සවය බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්විය.

අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් පිළිගනු ලැබූ අතර අවුරුදු කුමරි තරගයේ ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමට ද ජනාධිපතිවරයා එක් විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අලුත් අවුරුදු උළෙලට ජනාධිපතිත් එක්වෙයි….

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධනි ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්වරුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යමණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment