යසෝධා හෝල්ඩින්ග්ස් සමාගම ගත් රු. මි. 120 මහජන බැංකුවට නැවත අයකර ගැනීමට තීන්දුවක්

3177

යසෝධා හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම විසින් ලබාගෙන තිබූ රුපියල් මිලියන 120ක ණය මුදල එම සමාගමෙන් අයකර ගැනීමට මහජන බැංකුවට ඉඩකඩ සලසමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් නිකුත් කළේය.

මහජන බැංකු විසින් ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ බස්නාහිර පළාත්බද සිවිල් මහාධිකරණය මහජන බැංකුවට එකී ණය මුදල අයකර ගැනීමට නෛතික අවසරයක් ඇති බවට ප්‍රකාශයට පත් කරන තීන්දුවක් නිකුත් කොට තිබිණි. එකී තීන්දුව අභියෝගයට ලක්කරමින් යසෝධා හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම ගොනු කර තිබූ අභියාචනාව පසුගිය 4 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර තිබිණි. ඒ අනුව යසෝධා හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම සිය සමාගමෙන් කෙටි කාලීන ණය පහසුකම් යටතේ ලබාගෙන තිබූ රුපියල් මිලියන 120ක ණය මුදල සහ අදාළ පොළී මුදල ආපසු අයකර ගැනීමට මහජන බැංකුවට අවසර හිමිවිය. නීතිඥ හිරාන් ජයසූරිය, ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් සහ ජනාධිපති නීතිඥ ස්. ඒ. පර්තලිංගම් යන මහත්වරුන් මහජන බැංකුව වෙනුවෙන් පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment