ළදරු ආහාරවලට වැට් ගහන එක ගැන යළි සිතන්න

78

මෙතෙක් වැට් බදු අය නොකළ ළදරු පෝෂණයට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාරවලට ද සියයට 18 ක වැට් බදු අයකිරීමට ගත් තීරණය ගැන යළි සලකා බලන ලෙස කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ) ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.

ළදරු පෝෂ්‍යදායී සියලු ආහාර, පොහොර, වෛද්‍ය උපකරණ, සුවසැරිය වැනි ගිලන්රථ සේවා ඇතුළු අයිතමයන් විශාල ප්‍රමාණයකට අලුතෙන් වැට් බදු අය කෙරෙන බවද එම නිසා මෙම තත්ත්වය ගැන යළි සලකාබලන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

වැට් බදු සංශෝධනය හා ආනයන අපනයන රෙගුලාසි පිළිබඳව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙම කරුණු අනාවරණය කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.
රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment