හිටපු නියෝජ්‍ය ඇමැති මයෝන්ගේ ප්‍රජා අයිතිය අත්හිටුවයි

232

මාස 6 ක් හිරේ යන්නත් වෙයි

හිටපු නියෝජ්‍ය ඇමති මයෝන් මුස්තාපා මහතාගේ ප්‍රජා අයිතිය වසර හතකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (17දා) නියෝග කළේය. ඔහුට මාස හයක සිරදඬුවම් හා රුපියල් 500 ක දඩයක්ද ගෙවීමට විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී.

විත්තිකරුට එරෙහිව ගොනුකර ඇති ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ රෙගුලාසි යටතේ ගැනෙන වැරදි පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය.

2010 ජනාධිපතිවරණ සමයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ජාතික නිදහස් පෙරමුණේ සහය ලබාගැනීම සඳහා එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්‍ෂ 42 ක මුදලක් ලබාදීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි. හිටපු අමාත්‍ය විමල් වීරවංශ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් ඇතුළු පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment