ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, දක්ෂයින් වැඩිදියුණු කිරීම සඳහා කැපවූ නව්‍ය සීමාවාසික වැඩසටහනක් වන ‘Uniship’ ව්‍යාපෘතිය ආරම්භ කළ බව නිවේදනය කරන්නේ, හදපිරි සතුටිනි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති දිවා භෝජන සංග්‍රහයක් සමගින් සීමාවාසික පුහුණුවේ සමාරම්භය සනිටුහන් කරනු ලැබූ අතර, එහිදී සමාගම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සමාගමේ විධායක කමිටුව අයැදුම්කරුවන්ට අවස්ථාව සැලසීය.

Uniship ව්‍යාපෘතිය මගින් උපාධි අපේක්ෂකයින්ට සිය වෘත්තීය ජීවිතය තුළ විශිෂ්ටත්වයට පත්වීම සඳහා මාර්ගයක් සකස් කරමින්, සමාගම් මෙහෙයුම් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාදීමට සැලසුම් කර ඇති අද්විතීය සීමාවාසික වැඩසටහනක් පිරිනමයි. මෙම සුවිශේෂී වැඩසටහනට සහභාගි වන්නන්, නව්‍ය තේරීම් ක්‍රියාවලියක් හරහා ඉතා සූක්ෂම ලෙස තෝරා ගැනිණි. සුවිශේෂී දක්ෂතා

රැසක් සහිත තෝරා ගත් උපාධි අපේක්ෂකයින්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් දැනුම ලබා ගැනීමට, ඔවුන්ගේ වෘත්තීය ජාලය පුළුල් කර ගැනීමට සහ ආයතනික ලෝකයේ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු, මෙම ව්‍යාපෘතිය සඳහා ඔවුන් දැක්වූ දායකත්වය හඳුනා ගනිමින් උපාධි අපේක්ෂකයින්ට වටිනා සහතිකයක් පිරිනැමේ.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන පිරිස් නිලධාරී, ඉම්ටියාස් අනීෆ් සඳහන් කළේ, ර්‍ණ‍අපගේ අලු‍ත් ම සීමාවාසික වැඩසටහනේ සමාරම්භයට සහභාගි වීම විශාල සතුටක්. මේ ව්‍යාපෘතිය ඊළඟ පරම්පරාවේ දක්ෂතා වර්ධනය කරන්න අප කරන කැපවීම සමග බද්ධ වන මුලපිරීමක්. ඊට සහභාගි වුණ සියලු‍ දෙනාට සමාගම වෙනුවෙන් හෘදයාංගමව සුබ පතන්න කැමතියි. සීමාවාසික පුහුණුව ලබන සෑම කෙනෙකුට ම නිසැක මෙන් ම සාර්ථක අනාගතයක් සඳහා වේදිකාවක් සකස් කරන්න මේ ව්‍යාපෘතිය සාරවත් සහ ප්‍රගතිශීලී අත්දැකීමක් වේවි,‍ යනුවෙනි.

යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථකව දශක තුනක කාලයක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය 2023 සැප්තැම්බර් අවසන් වන විට රු. බිලියන 23.9ක් වූ අතර ජීවිත අරමුදල රු. බිලියන 63.9ක් විය.

ශ්‍රී ලාංකේය සිහින සවිබල ගැන්වීම සඳහා කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව, විශ්‍රාම සැලසුම් සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික සේවක බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස් සමාගම, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment