මුදල් තැන්පත් කිරීමේදී බැරපත් වෙනුවට භාවිතා කළ හැකි ශ්‍රී ලංකාවේ පළමු යෙදවුම වන ‘eSlip’ යෙදවුම සඳහා කොමර්ෂල් බැංකුවෙන් නව විශේෂාංග මාලාවක් එළිදක්වා ඇත.

‘eSlip’ යෙදවුම මගින් ගනුදෙනුකරුවන් හට මුදල් තැන්පතු ක්‍රියාවලිය නවීන ලෙස සිදුකිරීමට හැකියාව ලබා දෙයි. එමගින් ගනුදෙනුකරුවන්ට ශාඛාවට යන අතරමගදීම තම දුරකථනයෙන් ඉලෙක්ට්‍රොනිකව මුදල් බැරපත පිරවීමට හැකියි. ඩිජිටල් බැංකුකරණයේ ශක්තිය භාවිතා කරමින් තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වේ. බැංකුවට පිවිසි පසු ගනුදෙනුකරුවන් හට කවුන්ටරය වෙත කඩිනමින් ගොස් තමන්ගේ ගිණුමට හෝ වෙනත් කොමර්ෂල් බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීමට හැකියි.

මෙම යෙදවුම නවීකරණය තුළින් හඳුන්වා දී ඇති විශේෂාංග මගින් මුදල් කවුන්ටරය හරහා සිදුවන තැන්පතු වේගවත්ව හා පහසුවෙන් සිදුකිරීමට අවස්ථාව ලබා දෙයි. මෙය ගනුදෙනුකරුවන්ට මෙන්ම මුදල් කවුන්ටර කාර්යමණ්ඩලයට ද තම කාර්යයන් ඉතා පහසු කරයි. එමෙන්ම මෙමගින් ඔවුන්ව නව්‍යෝත්පාදනය හා බැඳුනු හරිත අනාගතයක් කරා ගෙනයන ක්‍රියාදාමයක කොටස්කරුවන් බවට පත් කරන බව බැංකුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment