ඔබේ පහසුව උදෙසා Online නිවාස රක්ෂණ සැලසුමක්

ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘හෝම් ප්‍රොටෙක්ට් ලයිට්‘ (Home Protect Lite) නිවාස රක්ෂණ සැලසුම හඳුන්වා දෙයි. මෙම රක්ෂණ සැලැස්ම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා කලින් තීරණය කල රක්ෂිත අගයකට අනුව නිර්මාණය කර ඇති නිවාස රක්ෂණ සැලසුමකි. වර්තමානයේ ඩිජිටල් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට සරිලන රක්ෂණ සැලසුම් ලබාදීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව්‍යකරණය තුලින් නිරන්තරයෙන් නව රක්ෂණ සැලසුම් ඉදිරිපත් කරන අතර පාරිභෝගික පහසුව සහතික කිරීම සඳහා නිරන්තර කැපවීමෙන් කටයුතු කරයි.

‘හෝම් ප්‍රොටෙක්ට් ලයිට්‘ පාරිභෝගික පහසුව කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇති නිවාස රක්ෂණ සැලැස්මකි. මෙහිදී පාරිභෝගිකයාට අන්තර්ජාලය හරහා හෝ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාවකට පැමිණ ක්ෂණිකව මිලදී ගත හැකි හෝම් ප්‍රොටෙක්ට් ලයිට් රක්ෂණ සැලසුම පහසුවෙන් හිමිකම් පියවීමේ ක්‍රියාවලිය, අඩු ලියකියවිලි සහ කඩිනම් සේවා සැපයීම, රක්ෂණ ආවරණය මිලදී ගන්නා අවස්ථාවේදී භාණ්ඩ ලැයිස්තුව ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවීම වැනි වාසි රැසක් පාරිභෝගිකයන් හට ලබාදෙන ඉතාම සහනදායි වාරික වලින් සමන්විත රක්ෂණ සැලසුමකි.

හෝම් ප්‍රොටෙක්ට් ලයිට් රක්ෂණ සැලසුම රුපියල් මිලියන 1 සිට රු. රුපියල් මිලියන 5 දක්වා පැකේජ පහකින් යුක්ත වන අතර වාර්ෂික මුළු වාරිකය රු.1900 සිට මිලදී ගත හැක. මෙම රක්ෂණාවරණය මගින් රක්ෂණ ඔප්පුහිමියාගේ නිවසට සහ ගිනි සහ අකුණු, ද්වේශ සහගත අලාභහානි , ස්වාභාවික ආපදා, විදුලි හානි (විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ),ජල ටැංකි, ජල නල සහ උපාංග පිපුරුම හෝ පිටාර ගැලීම, ගුවන් යානා මගින් සිදුවන හානි, සහ සොරසතුරු උවදුරු යන උවදුරු සඳහා රැකවරණය සලසා දේ.

advertistmentadvertistment
advertistmentadvertistment