මැතිවරණ කොමිසම බලතල ඉල්ලයි

104


නීතී විරෝධී ලෙස සිදු කෙරෙන මැතිවරණ වියදම් සහ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් වන පැමිණිලි විභාග කිරිමට මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ විනිශ්චය අධිකාරියක් සඳහා වන බලතල අවශ්‍ය බව එම කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචි හේවා ප්‍රකාශ කළේය. ,මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද සවස එහි සභාපති සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදී මේ බැව් පැවසීය.

අසීමිත මැතිවරණ වියදම් සහ විවිධාකාර ක්‍රම ඔස්සේ වන මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන පැමිණිලි හා අනෙකුත් මැතිවරණ වැරදි විභාග කිරීමේ බලතල මැතිවරණ කොමිෂන් සභාවටම හිමි වූහොත් ඒ සම්බන්ධයෙන් වන තීරණ ලබා දීමේ කාලය අවම වන බවත් නිමල් ජී පුංචි හේවා ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment