රුපියල තවත් ශක්තිමත් වෙයි

118

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (31 දා) දිනයේදී ද සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත.

මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව පෙරේදා (30 දා) දිනයේ රු.290.67 ක්වූ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ (31 දා) දිනයේදී රු.287.87 ක් දක්වා රු.2.80 කින් අඩුවී ඇත.

එසේම ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පෙරේදා (30 දා) දිනයේදී වාර්තා වූ රු.303.95 සිට ඊයේ (31 දා) දිනයේදී රු.300.92 දක්වා රු.3.03 කින් ද පිරිහීමට ලක්ව ඇත.

පසුගිය දිනවල අඛණ්ඩව ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ශක්තිමත් වීමක් නිරීක්‍ෂණය කළ හැකිවේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment