අපනයන ආදායම 9.77%කින් වැඩි වෙයි

58

ඉකුත් මාර්තු මාසයේදී ශ්‍රී ලංකා අපනයන ආදායම ගිය වසරේ (2023) මාර්තු මාසයට සාපේක්ෂව 9.77කින් වර්ධනය වී ඇත.

මේ අනුව ඉකුත් මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1138.9ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.

එසේම 2024 මාර්තු මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 7.51කින් වර්ධනය වී ඇති බවද අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.

මේ අතර 2024 මාර්තු මාසයේ සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 275.1ක් දක්වා සියයට 8.39කින්ද වර්ධනය වී ඇත. මේ අනුව මාර්තු මාසයේ මුළු වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් දක්වා ද වර්ධනය වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment