මහනුවර පළමු කුඹල් පෙරහැර…

104

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර (21 දා) රාත්‍රී 7.10 ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ කළ අතර සධාතුක කරඬුව රැගත් හස්තිරාජයා චාරිත්‍රානුකූලව හඳගල මත පා තබා මාලිගාව ඉදිරිපිටින් ගමන් ආරම්භ කළේය.

මෙවර පෙරහැර කරඬුව වැඩම කරවීම සිදු කරනු ලැබුවේ දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා විසින් දෑලේ ඇතුන් ලෙස මියන් රාජා හා කැලණි රජමහා විහාරයේ කණ්ඩුල හස්තියා ගමන් කළහ.

නිරිත දිශාභිමුඛව පෙරහැර පිටත්ව ශ්‍රී දළදා වීදිය හා ඩී. එස්. සේනානායක වීදියෙන් පන්සල පාරට පිවිස දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට විත් පළමු කුඹල් පෙරහැර ගෙවදින ලදී. පෙරහැර නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

ඡායාරූපය – මාධ්‍ය අංශය ශ්‍රී දළදා මාලිගාව

ලලන්ත වන්නිආරච්චි – පේරාදෙණිය

advertistmentadvertistment
advertistmentadvertistment