දෙදෙනකුගේ ගුටි කෙළියකින් – දුම්රිය ප්‍රමාදයි – මගීහු අනාථයි

214

වාර 78ක් අවලංගුයි

දුම්රිය සේවකයන් දෙදෙනකු අතර මාලිගාවත්ත දුම්රිය අංගණයේදී ඇතිවූ ගුටි බැට හුවමාරුවක් මුල්කරගෙන ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා දුම්රිය ප්‍රමාද වී මගීහු ඊයේ (04 දා) දැඩි අසීරුතාවට පත්ව සිටියහ.

මෙම ගැටුම ඇතිවී ඇත්තේ දුම්රිය ආරක්ෂක අංශයේ සේවකයකු හා නියාමකයෙක් අතරය.

මෙම ගැටුමෙන් පසු එම සේවකයන් දෙපළ නියෝජනය කරන වෘත්තීය සමිති පහරදුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටිමින් ගැටුමට සම්බන්ධ අය වහා අත්අඩංගුවට ගන්නා ලෙස කියමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිස තිබේ.

මෙම හේතුව නිසා දුම්රිය නිසි වේලාවට ධාවනය කර ගැනීමට නොහැකි වී ඇත. ඒ නිසා කොටුව, මරාදන ඇතුළු දුම්රිය ස්ථානවලට පැමිණි මගීහු දැඩි කලහකාරී ලෙස හැසිරෙන්නට වූහ.

කෙසේ වෙතත් ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට පාලනාධිකාරිය දැඩි උත්සාහයක නිරතව සිටියේය.
අකිත පෙරේරා, ශිරාන් රණසිංහ, ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment