යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුගේ වෙඩි පහරින් මාලු‍කඩේ කලු‍වා මරුට

440

දුම්රියපොළ මංසන්ධියේදී 21 වන දින රාත්‍රී 9.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ රංගාර අනුර දේශප්‍රිය (39) (මාලු‍කඩේ කලු‍වා) යන නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බව පොලීසිය කියයි.

වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ පිරිසක් අතර මත ගැටුමක ප්‍රතිඵලයක්ද යන්න පොලීසිය සැකකරයි. වෙඩි තැබීම සිදුකළ නාඳුනන පුද්ගලයන් දෙදෙනා පැමිණි යතුරු පැදියෙන්ම පලාගොස් ඇති අතර මෘත ශරීරය මේ වනවිට දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරය වෙත යවනූ ලැබ ඇතැයි ද පොලීසිය කියයි.

වැඩිදුර විමර්ශන කටයුතු ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය මහතාගේ අධීක්‍ෂණය මත ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ වැඩබලන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් තේනුවර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදු කරයි.

රත්මලාන පින්සිරි ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment