අගමැති කාර්යාලයට ඇතුළුවීමට ගිය අරගලකරුවන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර – 40ක් රෝහලේ

106

කොල්ලුපිටියේ මල් පාරේ අගමැති කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කළ අරගලකරුවන් පිරිසකට පොලිසිය ඊයේ (13 දා) පෙරවරුවේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කරමින් සිටියහ. මෙහිදී තුවාල ලැබූ 40 දෙනකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. අරගලකරුවන් ජනාධිපති සහ අගමැති ඉවත් වන ලෙස බලකරමින් සටන්පාඨ කියමින් අගමැති කාර්යාලය අසලට පැමිණ එම කාර්යාලයේ ආරක්‍ෂාවට යොදා තිබූ මාර්ග බාධක ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ආරක්‍ෂක අංශ සහ අරගලකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. පසුව කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට ආරක්‍ෂක අංශ කටයුතු කළේය.

අරගලකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසියට අමතරව කැරලි මර්දන ඒකකය සහ හමුදා කණ්ඩායම් ද යොදවා තිබිණි. අරගලය මර්දනය කිරීමේදී තුවාල ලැබූ 28 දෙනකු ප්‍රතිකාර ලබාගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව එහි ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment