බෙලිඅත්තේ ඝාතකයින් ආ ජීප් රථය හමුවේ

447

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට පසුගිය 22 වැනිදා උදෑසන වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය ගාල්ලේ, විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන තිබේ. එම සිද්ධියෙන් විනාඩි 40කට පමණ පසුව මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ කඹුරුපිටිය වටරවුම අසලදී වෙඩි තැබීමට පැමිණි ජීප් රථයේ සිටි වෙඩික්කරුවකු බවට සැකකෙරන පුද්ගලයෙක් ඉන් බැසයන අයුරු CCTV කැමරාවක ද සටහන්ව තිබේ.මදක් ඉදිරියට යන ඔහු නැවතත් කඹුරුපිටිය බස් නැවතුම්පොළ දෙසට ගමන්කරන අයුරු දැකගත හැකිවිය.අනතුරුව ඔහු මාතර දෙසට ධාවනය වන බස් රථයකට නැග එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තාවෙයි. අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැත.පසුගිය තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු මෙම වෙඩිතැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment