වටවලදී ඔත්තුව පත්තු වී වළ දැමූ බිලිඳු මළ සිරුර ගොඩගැනේ

708

මව ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

වටවල වත්තේ ගෙවත්තක වළ දමා තිබු බිලිඳු මළ සිරුරක් පෙරේදා (22 දා) දින පස්වරුවේ හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත් එස්. විනායගමුර්ති මහතා ඉදිරියේ වටවල පොලිසිට මගින් ගොඩ ගනු ලැබිණි.

මීට දින කිහිපයකට ප්‍රථම සය මසක් පමණ වන දරු ගැබ ගබ්සා කර බිලිඳාගේ මව සහ අනියම් සැමියා විසින් ගෙවත්තේ මළ සිරුර වළ දමා තිබේ. ගෙවත්තේ වළක් කැපීමට සැකකාර කාන්තාවගේ බෑණා සහ තවත් ඥාතියෙක් උපකාර කර ඇතැයි පොලිසිය කීය. ගෙවත්තක බිලිඳු මළ සිරුරක් වළ දමා ඇති බවට වටවල පොලිසියට (22 දා) දින ලද තොරතුරක් මත බිලිඳා වළ දමා තිබු ස්ථානය පොලිසිය විසින් සොයා ගෙන ඇත. බිලිඳාගේ මව (46) සහ බිලිඳු මළ සිරුර වළ දැමීමට සහය දැක් වු බෑණා සහ තවත් එක් අයෙකු (22 දා) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත ඇත. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බව පොලිසිය පැවසීය. ගොඩ ගත් මළ සිරුර පස්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා වටවල පොලිසියට නියෝග කර තිබුණි.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment