දිළින්දන් සමග බෙදාහදා ගෙන ජීවත් වෙමු – කොළඹ සහායක රදගුරුතුමා කුරුකුලාවේදී පවසති

34

අද අප සමරන නත්තල් මංගල්‍යය ක්‍රිස්තුස් වහන්සේ මිනිසත් බව ගෙන අප අතරට පැමිණීම සිහිපත් කරනවා. එය හුදෙක් මිනිස් වර්ගයාට ඇති අපිරිමිත ආදරය නිසා ඔවුන් පවින් මුදා ගැනීම සඳහාය. එය හුදෙක් බිලිඳු උපතක් පමණක් නොව, ප්‍රේමයේ උපතකි. දයාවේ උපතකි. කොටින්ම කිවහොත් සමස්ත මානව සංහතියේ ගැලවීම උදෙසා කළ අසමසම ජීවිත පරිත්‍යාගයක උපතකි. නත්තලේ සැබෑ සතුට ඇත්තේ ද මිනිසා මෙම පවින් මිදීමේ සංසිද්ධිය මතයි. මෙම අදහස් පළ කළේ කොළඹ අගරදගුරු පදවි සහායක රදගුරු අතිඋතුම් ජේ. ඩී. ඇන්තනි හිමිපාණෝ කුරුකුලාව ශාන්තත ලාසරස් දේවස්ථානයේ පැවැති නත්තල් දින මධ්‍යම රාත්‍රි දේව මෙහෙයේ මංගල දේශනය කරමිනි.

කුරුකුලාව මීසම භාර රවින්ද්‍ර පීරිස් පියතුමා මෙම උත්සවය සාර්ථකව කර ගැනීමට සහායදුන් කුරුකුලාව බෙතනි කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් ඇතුළු මේ සඳහා වෙහෙස මහන්සිවී ක්‍රියා කළ පාර්ශ්වයන්ට සිය කෘතඥතාවය පළ කළේය.

පද්මිණී නානායක්කාර
ඡායා රූපය – ඇලෝසියස් කල්දේරා.

advertistmentadvertistment
advertistmentadvertistment