යූනියන් ඇෂුවරන්ස් සමාගමේ 2022 වසරේ විශිෂ්ටයෝ ඇගයෙති

39

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ‘National Business Launch’ වැඩසටහන පසුගියදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. එහිදී 2022 වසර තුළ ඉහළම දක්ෂතා පෙන්නුම් කළ යූනියන් ඇෂුවරන්ස් අලෙවි බලකායේ සාමාජික සාමාජිකාවන් රැසකට සම්මාන හා ත්‍යාග ප්‍රදානය කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා, පසුගිය වසර තුළ දැක්වූ විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් කාර්ය මණ්ඩලයට සිය ස්තූතිය පළකළහ. එමෙන්ම මෙහිදී යූනියන් ඇෂුවරන්ස් සමාගමේ 2023 ක්‍රමෝපායික තේමාව වන ‘Higher” Faster” Stronger’ යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.

“පසුගිය වසරේ අපගේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වුණේ අපගේ අලෙවි බලකායේ අසීමිත උනන්දුව හා කැපවීමයි. එයට අනෙකුත් කණ්ඩායම්වලිනුත් නොමඳ සහයක් හිමි වුණා. මේ ජයග්‍රහණ අපට මහත් ආඩම්බරයක්. ‘Higher” Faster” Stronger’ යන තේමාවෙන් නිරූපණය වන්නේ, මේ ජයග්‍රාහී ගමන් මගේ ඉදිරියටම යාමට අප තුළ ඇති අධිෂ්ඨානයයි. අපගේ

ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදෙන අතරම, අපගේ කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් ආයෝජනය කරමින්, ඔවුන්ගේ වෘත්තීය ගුණාංග වැඩිදියුණු කිරීමට අප සෑම විටම උත්සාහ කරනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment