නිලාවේලි පොලිසියේ ක්‍රයිම් ඕඅයිසී අයිස් එක්ක මාට්ටු

397

ත්‍රිකුණාමල නිලාවේලි පොලිසියට අනුබද්ධ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්‍ෂකවරයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් පමණ ඔහු සතුව තිබූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම උප පොලිස් පරීක්‍ෂකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරු මත වැටලීම සිදුකර තිබේ.

සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයාගේ සේවය තහනම් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ උප්පුවේලි පොලිස් වසමේදී ය.
නෝමන් පලිහවඩන – සමන් මල්ලවරච්චි ත්‍රිකුණාමලය

advertistmentadvertistment
advertistmentadvertistment